අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරණයක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය ජුනි 05 වෙනිදා මෙරටින් පිටව ගොස් අති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. පසුව සයිප්‍රස් ගුවන්තොටුපොළේදී එරට බලධාරීන් විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත පරීක්ෂා කරද්දී එය වෙනත් අයෙකුගේ ගුවන්ගමන් බලපතක් බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු මෙරටට පිටුවහල් කර තිබිණි.
ඔහු රුපියල් ලක්ෂ හය හමාරක් ඒජන්තවරයෙකුට ගෙවා මෙම ගුවන් ගමන් බලපත ලබා ගෙන ඇති බවත් හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි
සඳුන් Wednesday, 10 June 2015 08:43 PM
ඔව් ලොකු වරදක්. අන්න හරි. නියම කතාව පහන්.අහිංසකයෙක් අල්ලාගෙන. මේවට විසඳුම් දෙන්න රට යන්න විධිමත් ක්‍රමයක් හදලා දෙනවා නම් සාධාරන විදියට , මෙහෙම අවදානමක් කවුරුත් ගන්නේ නැහැ නේද.පවු අහිංසක මිනිස්සු. (නි)
විජයබාහු Wednesday, 10 June 2015 12:51 PM
ලංකාවෙන් යද්දී අහුවෙලා නැද්ද? (නි)
කුමාරි Wednesday, 10 June 2015 03:14 PM
හොර කරන එක හොද නැහැ තමා. මෙහෙ අවුරුදු 4 ට වඩා විසා ගන්න බැහැ.සාධාරන විසදුමක් ලැබේවා.(අ)
පහන් Wednesday, 10 June 2015 04:48 PM
මෙය වෙලේ සුදා සහ දේශපාලකයන් කර ඇති වැරදිවලට වඩා බරපතල වරදකි .මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න . (අ)