අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරණයක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය ජුනි 05 වෙනිදා මෙරටින් පිටව ගොස් අති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. පසුව සයිප්‍රස් ගුවන්තොටුපොළේදී එරට බලධාරීන් විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත පරීක්ෂා කරද්දී එය වෙනත් අයෙකුගේ ගුවන්ගමන් බලපතක් බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු මෙරටට පිටුවහල් කර තිබිණි.
ඔහු රුපියල් ලක්ෂ හය හමාරක් ඒජන්තවරයෙකුට ගෙවා මෙම ගුවන් ගමන් බලපත ලබා ගෙන ඇති බවත් හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ලොකු වරදක්. අන්න හරි. නියම කතාව පහන්.අහිංසකයෙක් අල්ලාගෙන. මේවට විසඳුම් දෙන්න රට යන්න විධිමත් ක්‍රමයක් හදලා දෙනවා නම් සාධාරන විදියට , මෙහෙම අවදානමක් කවුරුත් ගන්නේ නැහැ නේද.පවු අහිංසක මිනිස්සු. (නි)
ලංකාවෙන් යද්දී අහුවෙලා නැද්ද? (නි)
හොර කරන එක හොද නැහැ තමා. මෙහෙ අවුරුදු 4 ට වඩා විසා ගන්න බැහැ.සාධාරන විසදුමක් ලැබේවා.(අ)
මෙය වෙලේ සුදා සහ දේශපාලකයන් කර ඇති වැරදිවලට වඩා බරපතල වරදකි .මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න . (අ)