ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු මේස් තුළ සගවාගෙන ගුවන්තොටුපලෙන් පිටකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළේ රාජකාරියේ නියුතු රේගු නිලධාරියෙකු පිළිබද විශේෂ විමර්ශණයක් අරඹා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
කිලෝග්‍රෑම් තුනකට ආසන්න බරකින් යුතු වු එම රන් ආභරණ තොගය පසුගිය 27 වෙනිදා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 29 හැවරිදි තරුණයෙකු විසින් මෙරටට ගෙනවිත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එදින රාජකාරියේ නියතුව සිටි සැකකාර රේගු නිලධාරියාට බාර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
රේගු නිලධාරියා විසින් රන් ආභරණ පාර්සලය තම කකුලේ මේස් අස්සේ සගවාගෙන පැමිණීමේ පර්යන්තයට යමින් සිටියදී එය බිමට වැටීම නිසා මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය වු බව රේගුව කියයි.
පසුව කරන ලද විමර්ශණ වලින් අනතුරුව ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි කලූමුණේ තරුණයාද අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව දෙදෙනාවම වැඩිදුර විමර්ශණ කටයුතු සදහා රේගු විමර්ශණ ඒකකය වෙත බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රේගු අධිකාරීයේ ලොක්කෙක් කියන තනතුරේ ඉන්න කෙනෙක්. මම දන්නවා මෙයාව.(දිල්)
මෙයා මීට කළින් මොනවා ගෙනිහින් ද දන්නේ නෑ . රටේ නිතිය රකින්න ඉන්න මේ වගේ අයද? මෙයා එක්ක ඉන්න අනික් කට්ටිය ගැනත් පරීක්ෂාවෙන් ඉන්න මොකද මෙයාමේක තනියම කළා වෙන්න බෑ (දිල්)
මේ විදයට තව මොන මොන වැරදි කරන්න ඇතිද?(දිල්)
රේගුවේ ඉන්නේ මේ වගේ හොරු තමා. පුළුවන් කෙනෙක් ඉන්නවනං ඇවිල්ල බලන්න ව්‍යාපාරිකයන්ගේ සල්ලි අරන් පොඩි ඩියුටියක් ගහලා පාස් කරන බඩු තොගේ. මෙයාලා දවසට ලක්ෂ 2ක් විතර එක්කෙනෙක් හොයනවලු හොරකන් කරලා (ම)
රේගුවේ වෙන හොර අල්ලන්න වෙනම රේගුවක් හදන්න ඕන .(ම)
දුෂිතයින්ට ස්වභාව ධර්මය හෝ දඩුවම් දෙත්වා ...!!!(දිල්)
රේගුවේ කෙනෙක් හොරකම් කළත් අල්ලලා තියෙන්නේ රේගුවෙන්මනේ, හැමෝම හොරුනම් මේක හෙළිකරයිද? ඉරිසියාවට බනින එක වැරදියි. (දිල්)
තවමත් පරණ පුටුමනේ රත්වේවි තියෙන්නේ.එකයි ඔය.(ම)
මම රේගුවේ එකෙක් මේක අහු වෙලා තියෙන්නේ මෙයාගේ තරහකාර නිලධාරියෙක්ට, ප්‍රධාන රේගු පරීක්ෂක කෙනෙක්ට, හොරකන් කරන ගමන් පාට් දාල මෙයා මේ නිලධාරියට. පස්සේ අහු උනාම කිවලු ලක්ෂ 50 දෙන්නන් කියල. මේක හැමෝටම හොඳ පාඩමක් ගොඩක් රේගුවේ ලොක්කෝ හිතන් ඉන්නේ හොරකම් කරලා හම්බු කරපු සල්ලි නිසා ලොක්කෝ කියල. හැබැයි පොඩි මිනිහ ශේප් එකේ තියාගත්තේ නැත්තන් එයාලත් නැතිවෙනවා කියන්න හොඳ උදාහරණයක් (බ)
ඔන්න බලන්න මූ අාපහු රස්සාවට ගන්නවා. (බ)
ලොකු ලොක්කන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ (දිල්)
තරාතිරම කොහොම වුණත් නිසි දඩුවම් දිය යුතුයි (දිල්)
රේගු නිලධාරීන් ඔක්කොම එකයි. මේ අයගේ ගෙවල් මාලිගා වගේ. (දිල්)
මීට පෙර කොච්චර මෙහෙම යන්න ඇද්ද? (ම)
මාගේ පවුලේ නෑදෑයකු වන කෙනෙක් අවුරුදු 30 කට කලින් රේගු නිලධාරියෙක් වශයෙන් පත් වීමක් ලැබුවා , එ්කට ඔහුට තිබුනේ දෑවැද්දට ලැබුණු ඉඩම සහිත පොඩි ගෙයකුත් , පරණ මෝටර් සයිකලයකුත් පමණය , දැන් ඔහුට පොල් ඉඩම් තේ වතු සහ කොළඹ පවා ඉතා වටිනා ගෙවල් කිහිපයක හිමි කරුවෙක් , අලුත්ම වටිනා වාහන කිහිපයක්ද තිබෙනවා , මේවා කොහොම ලැබුනද අප පවුලේ සියලු දෙනාම පුදුමය දක්වති (බ)
මාකාවිට කුමාරිගේ ඉරිසියාවේ තරම! (බ)
සහකාර රේගු අධිකාරී කෙනෙක්ගේ ආරම්භක මුලික වැටුප 16,000 ක් පමණ වෙනවා. (ස)