ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු මේස් තුළ සගවාගෙන ගුවන්තොටුපලෙන් පිටකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළේ රාජකාරියේ නියුතු රේගු නිලධාරියෙකු පිළිබද විශේෂ විමර්ශණයක් අරඹා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
කිලෝග්‍රෑම් තුනකට ආසන්න බරකින් යුතු වු එම රන් ආභරණ තොගය පසුගිය 27 වෙනිදා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 29 හැවරිදි තරුණයෙකු විසින් මෙරටට ගෙනවිත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එදින රාජකාරියේ නියතුව සිටි සැකකාර රේගු නිලධාරියාට බාර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
රේගු නිලධාරියා විසින් රන් ආභරණ පාර්සලය තම කකුලේ මේස් අස්සේ සගවාගෙන පැමිණීමේ පර්යන්තයට යමින් සිටියදී එය බිමට වැටීම නිසා මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය වු බව රේගුව කියයි.
පසුව කරන ලද විමර්ශණ වලින් අනතුරුව ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි කලූමුණේ තරුණයාද අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව දෙදෙනාවම වැඩිදුර විමර්ශණ කටයුතු සදහා රේගු විමර්ශණ ඒකකය වෙත බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරාගෙ අම්මත් අල්ලයි
මුවා Sunday, 29 March 2015 05:58 AM
මේ රේගු අධිකාරීයේ ලොක්කෙක් කියන තනතුරේ ඉන්න කෙනෙක්. මම දන්නවා මෙයාව.(දිල්)
යෝෂිත Sunday, 29 March 2015 06:04 AM
මෙයා මීට කළින් මොනවා ගෙනිහින් ද දන්නේ නෑ . රටේ නිතිය රකින්න ඉන්න මේ වගේ අයද? මෙයා එක්ක ඉන්න අනික් කට්ටිය ගැනත් පරීක්ෂාවෙන් ඉන්න මොකද මෙයාමේක තනියම කළා වෙන්න බෑ (දිල්)
ජනක Sunday, 29 March 2015 06:12 AM
මේ විදයට තව මොන මොන වැරදි කරන්න ඇතිද?(දිල්)
කුලරත්න Sunday, 29 March 2015 06:14 AM
රේගුවේ ඉන්නේ මේ වගේ හොරු තමා. පුළුවන් කෙනෙක් ඉන්නවනං ඇවිල්ල බලන්න ව්‍යාපාරිකයන්ගේ සල්ලි අරන් පොඩි ඩියුටියක් ගහලා පාස් කරන බඩු තොගේ. මෙයාලා දවසට ලක්ෂ 2ක් විතර එක්කෙනෙක් හොයනවලු හොරකන් කරලා (ම)
ප්‍රසන්න Sunday, 29 March 2015 06:17 AM
රේගුවේ වෙන හොර අල්ලන්න වෙනම රේගුවක් හදන්න ඕන .(ම)
රූපවතී Sunday, 29 March 2015 06:50 AM
දුෂිතයින්ට ස්වභාව ධර්මය හෝ දඩුවම් දෙත්වා ...!!!(දිල්)
සාමා Sunday, 29 March 2015 07:01 AM
රේගුවේ කෙනෙක් හොරකම් කළත් අල්ලලා තියෙන්නේ රේගුවෙන්මනේ, හැමෝම හොරුනම් මේක හෙළිකරයිද? ඉරිසියාවට බනින එක වැරදියි. (දිල්)
ඉසුරන්දි Sunday, 29 March 2015 07:17 AM
තවමත් පරණ පුටුමනේ රත්වේවි තියෙන්නේ.එකයි ඔය.(ම)
ගාමිණී Sunday, 29 March 2015 07:20 AM
මම රේගුවේ එකෙක් මේක අහු වෙලා තියෙන්නේ මෙයාගේ තරහකාර නිලධාරියෙක්ට, ප්‍රධාන රේගු පරීක්ෂක කෙනෙක්ට, හොරකන් කරන ගමන් පාට් දාල මෙයා මේ නිලධාරියට. පස්සේ අහු උනාම කිවලු ලක්ෂ 50 දෙන්නන් කියල. මේක හැමෝටම හොඳ පාඩමක් ගොඩක් රේගුවේ ලොක්කෝ හිතන් ඉන්නේ හොරකම් කරලා හම්බු කරපු සල්ලි නිසා ලොක්කෝ කියල. හැබැයි පොඩි මිනිහ ශේප් එකේ තියාගත්තේ නැත්තන් එයාලත් නැතිවෙනවා කියන්න හොඳ උදාහරණයක් (බ)
කැළුම් Sunday, 29 March 2015 07:28 AM
ඔන්න බලන්න මූ අාපහු රස්සාවට ගන්නවා. (බ)
ජානකි Sunday, 29 March 2015 08:01 AM
ලොකු ලොක්කන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ (දිල්)
ජානකී Sunday, 29 March 2015 08:06 AM
තරාතිරම කොහොම වුණත් නිසි දඩුවම් දිය යුතුයි (දිල්)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 29 March 2015 09:09 AM
රේගු නිලධාරීන් ඔක්කොම එකයි. මේ අයගේ ගෙවල් මාලිගා වගේ. (දිල්)
කුරුවිට Sunday, 29 March 2015 09:35 AM
මීට පෙර කොච්චර මෙහෙම යන්න ඇද්ද? (ම)
මාකාවිට කුමාරි Sunday, 29 March 2015 09:51 AM
මාගේ පවුලේ නෑදෑයකු වන කෙනෙක් අවුරුදු 30 කට කලින් රේගු නිලධාරියෙක් වශයෙන් පත් වීමක් ලැබුවා , එ්කට ඔහුට තිබුනේ දෑවැද්දට ලැබුණු ඉඩම සහිත පොඩි ගෙයකුත් , පරණ මෝටර් සයිකලයකුත් පමණය , දැන් ඔහුට පොල් ඉඩම් තේ වතු සහ කොළඹ පවා ඉතා වටිනා ගෙවල් කිහිපයක හිමි කරුවෙක් , අලුත්ම වටිනා වාහන කිහිපයක්ද තිබෙනවා , මේවා කොහොම ලැබුනද අප පවුලේ සියලු දෙනාම පුදුමය දක්වති (බ)
ධම්ම Sunday, 29 March 2015 11:56 AM
මාකාවිට කුමාරිගේ ඉරිසියාවේ තරම! (බ)
නුවන් Sunday, 29 March 2015 02:50 PM
සහකාර රේගු අධිකාරී කෙනෙක්ගේ ආරම්භක මුලික වැටුප 16,000 ක් පමණ වෙනවා. (ස)