සුජිත් හේවාජුලිගේ
මරණීය දණ්ඩනයට ලක්ව හිර ගෙවල්වල සිට නොයෙකුත් අපරාධ මෙහෙයවන සිරකරුවන් වගේම හිරකරුවන්ට ඒ කටයුතු සඳහා උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මෙලෙස කටයුතු කිරිම ඒ පාතාල වැඩවලට අනියම් ආකාරයෙන් කරන උදව් කිරිමකැයි ද රහුමාන් මහතා ඒ ලිපිය මගින් පෙන්වා දී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුව අද හිරගෙවල්වල සිටින බහුතරයක් ද්‍රරිද්‍රතාව නිසා මෙවැනි ජාවාරම්වලට යොමු පහළ පන්තියේ අය බව පවසන මන්ත්‍රීවරයා මත්කුඩු ජාවාරම් මහා පරිමාණව කරන ප්‍රභූ ජාවාරම්කරුවන් බොහෝ දෙනා ඇතැම් දේශපාලනඥයින්ගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහයෙන් සුවසේ ජිවත්වන බවත් ප්‍රකාශ කළේය.
රජය පළමුව කළ යුත්තේ ඒ ප්‍රභූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා එල්ලුම්ගස් යැවීම බවද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
තවද හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වුණූ බන්ධනාගාර නිලධාරීන් ගැන ද රජය වහා විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරය ෆොන්සේකා ඇමතිතුමාට බාර දෙන්න.... එතකොට විරුද්ධ වෙන අය කවුද කියලා බලමු.... එතකොට අපිට හොඳ තීරණ ගන්න පුලුවන් වෙයි....
කවුරුත් ඔය කතාව දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ක්‍රියා කරන්න තරම් ශක්තිය තියෙන කිසිවෙක් මේ ලංකාවේ නෑ කුඩු මුදලාලිලා ඇමති මන්ඩලෙත් ඉන්නවා. කියන්නෙත් ඒ ගොල්ලන්මයි. එහෙනම් ඉතින් ඇයි අල්ලන්නේ නැත්තේ? පොලිසියේ ලොක්කෝ මේ පිටුපස ඉන්නවා කියලා මැති ඇමැතිවරුම කියනවා. ඇයි අල්ලන්නේ නැත්තේ? බන්ධනාගාරේ නිලධාරීන් පාතාලයින් එක්ක එකතුවෙලා ජාවාරම් කරන බව කවුරුත් කියනවා. ඇයි වළක්වන්නේ නැත්තේ? ඇයි, තමන්ගේ කුඩු අධිරාජ්‍යය නැතිකර ගන්න, ලේසියෙන් හම්බකරන කෝටි ගණන් නැති කර ගන්න මොන කුඩු රාජාද කැමති වෙන්නේ?
කරනවා නම් මුලින්ම කරන්න ඕනේ ඔය ටික තමයි. අපේ මොන්ටිසෝරි දේශපාලකයන්ට ඔය ටික නොතේරෙන එකයි අරුමය...
බන්ධනාගාරයේ මොබයිල් ජෑමර සවිකරන එක වගේ සුළු දෙයක් වසර ගණනක ඉදන් කටින් කරනවා , ලංකාවේ අන්තම දුෂිතම ආයතනය බන්ධනාගාරයයි. ඔය එල්ලන එක කවදාවත් වෙන්නේ නැහැ. කුඩු නවතින එක වෙන්නෙත් නැහැ. අපි අපේ දරුවන් බිල්ලට දීලා හැමදාම මේ නාට්‍යය කොටස් වශයෙන් බල බලා ඉඳිමු.
මේ රටේ මූලික අවශ්‍යතාවය දූෂිත දේශපාලුවන් ටික එල්ලුම් ගහට යවන එක... දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටුනොකළොත් නිලධාරියාට දෙවි පිහිටයි. බන්ධනාගාරේ පමණක් නොවේ.., අනික් හැමතැනම එහෙමයි. නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය නොකළත් දඬුවම්... දේශපාලකයන්ගේ රාජකාරිය නොකළත් දඬුවම්... දේශපාලකයෝ ටික සුද්ධ කරලම ඔය වැඩේ පටන්ගත්තොත් සාර්ථක වේවි...!!!
කරුණාකර සේරම බන්ධනාගාරවලට ප්‍රිස්න් ජෑමර් වැනි සියලුම ජංගම දුරකතන, වයිෆයි සංඥා, සැටලයිට් දුරකතන සංඥා නවත්වන උපකරණ සවි කරන්න. එවිට හොරෙන් ජංගම දුරකතන හා අන්තර්ජාල හරහා සම්බන්ධවීම් සියල්ල නැවැත්විය හැකිය. එසේම සම්බන්ධ වීමට උත්සාහ කරන සියලුම දුරකතන මොනවාදැයි සොයා ගන්නට පුළුවන්. මාසයක් ඇතුලත මෙම පියවර ගතහොත් සියලුම හොර වැඩ කරන සිරකරුවන් හා ඔවුන්ට සහායදෙන නිලධාරීන් සොයා ගත හැකියි. සිරගෙදර සිට ක්‍රියාත්මක වන ජාවාරම් සියල්ල නැවැත්වීමට හෝ පාලනය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.
අපිද මේ ආණ්ඩුව කරන්නේ? ඔයාලමනේ ජනතාවගේ මුදල් කාගෙන ආණ්ඩුව කරන්නේ... කියව කියවා ඉන්නේ නැතුව කරපල්ලා.....
හරියට බැලුවොත් අවරුදු 14 ඉහල සිට වැඩිහිටියා දක්වා කරලා තියෙන අපරාද එහෙම බැලුවොත් සුළු පිරිසක් ඇර සියලු දෙනාම එල්ලන්න ඕන, මැදපෙරදිග නිතිය බැලුවොත් සේරම ගස්. අලුත් ලොවක් , අලුත් රටක්. , නැවත ඉපදීමක් ලගයි වගේ.
නීතියානුකූලව මරණ දණ්ඩනය නියම කොට ඇති අපරාධකාරයින්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සාධාරණ වුවත් නීති කඩකරන බන්ධනාගාර නිලධාරීන්ට නීතියට පිටින් ගොස් මරණ දඬුවම් දීම කැලෑ නීතියකි.
එතකොට පත්තරේ බලන අපි ද මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනි. "හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යවන ලෙස මා නියෝග කරමි"
මගේ දැනුමේ හැටියට කුඩු කාරයින් එල්ලීමට තමන් ක්‍රියා කරන බව කීම ජනාධිපතිගේ ෂෝ එකක් පමණි....
තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔය මත් ජාවාරමට එක මොබයිල් ඇමතුමක් ගන්න උදවු කලහම රුපියල් දහදාහක විතර සන්තෝසමක් බන්ධනාගාර නියාමක වරයෙකුට ලැබෙනවලු. ඉතින් ඒ මිනිස්සු උදවු නොකර ඉඳීද?
අවසානයේ මුකුත් නැත.
මේවා මෙගා නාටකයක අලුත් කතාවක්. අනිතිමෙදී මුල් කතාවට ඇවිත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ .