
(ඩබ්ලිව්.ඩී.එම් විතානගේ)
ව්‍යාජ හැදුනුම්පතක් සකස් කොට රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබා ගැනීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි මහර මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතීඥවරිය රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියම කළාය.
තවද ඇපකරුවන් දෙදෙනාගෙන් එක් ඇපකරුවකු ළගම ඥාතියකු විය යුතු බවත් ඔවුන්ගේ පදිංචිය තහවුරු කළ යුතු බවත් විදේශ ගමන් තහනම් කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.
මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අඩංගුවට ගත් මහර මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතීඥවරියක වන තමරා කුමාරි අබේරත්න නැමැත්තියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd