ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනවල නම විකුණමින් නියපොතු හා තොල් ආලේපන ඇතුළු භාණ්ඩ අලෙවි නියෝජිත අංශයේ කඩසාප්පුවලට යමින් වසර 17 ක් තිස්සේ මුදල් වංචා කළැයි කියන පුද්ගලයෙක් පන්නිපිටියේ දී අත් අඩංගුවට ගනු ලැබීය.
මාස කිහිපයකට පෙර මල්ලීගේ කඩයට ගොස් රුපියල් 5000 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන මොහු දින කිහිපයකට පෙර අයියාගේ කඩයට ගිය අවස්ථාවේ පොලිසියට දන්වා ඇත.
පිටකොටුව පදික වේදිකාවේ රුපියල් 20-30 ට විකුණන ආලේපන රුපියල් දෙතුන් සීයට මිල නියම කර ලොකු කම්පැනිවල බිල්පත් හොරට මුද්‍රණය කර ඔහු මෙම ජාවාරම කර ඇති බව පෙනේ යයි පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාට අසුවූ තවත් ව්‍යාපාරිකයන් සිටී නම් පැමිණිලි කරන ලෙස පොලිසිය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩින් ඔපේ -යටින් හපේ (නි)