පුනරත්තාපනය වු එල්.ටී.ටී සාමාජිකයෝ දෙදෙනෙක් ඇතුලු උතුරේ තරුණයෝ තිදෙනෙක් ව්‍යාජ වීසා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ වයස 21,25,32 වයස් වල පසුවන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
එල්.එල්.ටී.ටී සාමාජිකයින් පිරිසක් රටින් පැන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් මත මොවුහු අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව කරන ලද විමර්ශණ වලදී හෙළි වී ඇත්තේ මින් දෙදෙනෙක් පුනරුත්තාපනය වු කොටි සාමාජිකයෝ බවයිි. ඔවුන් දෙදෙනා පුනරුත්තාපනය වීමෙන් පසු ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටියදී මිතුරෙකු විසින් සකස් කර දුන් ලියකියවිලි භාවිතා කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට මෙලෙස පැමිණි බවද අනාවරණය වී ඇත.
මේ පිළිබඳව විමර්ශණ සිදුකිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුහු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රටින් පනින්න හදන්නේ ආපහු මේ රටටම එරෙහිව වැඩ කරන්න නේද? (ර)
පුනරත්තාපනය කලත් කොටි පුල්ලිනම් ලෙහෙසියෙන් ගැලවෙන එකක් නැහැ. මෙයාලතමයි රට පැනලා ආයෙත් රට විනාශ කරන්න සංවිධාන ගොඩනගන්නේ. (ර)