ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව මලයාසියාවේ සේවය කරන බවත් අසනීපව සිටින පුද්ගලයෙකු බලාගැනීම සදහා මොහු එහි යන බවකි.
කෙසේ වෙතත් සැකකරු කොළඹ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ ඒජන්තවරයෙක් හරහා මලයාසියාවට යාමට ව්‍යාජ ලිය කියවිලි සකස් කරගෙන ඇති බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳ කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් ඇත්තටම අනේ මට මැලේසියන් කාරයෝ කොරපු අතවරවල මට දැන් හිතෙනකොටත් ඇග කිලිපොලා යනවා (බ)
ඔය නොදන්නා රටවලට ගිහින් අතරමන් වෙනවට වැඩිය මෙහෙම වුන එකත් එක අතකට හොදයි. (බ)
පව් නැද්ද ?අම්ම ළඟට යන්න හදන අහිංසකයෙක්!! හයි කාරයන්ගේ ළමයි මැච් බලන්නත් යන එකේ මේ අසරණයට යන්න දෙන්න තියෙන්නේ! අම්මත් හරි දුකෙන් වෙන්න ඇති ඉන්නේ !අපේ රටේ නීති බලපාන්නේ අසරණ අහිංසකයන්ටම තමයි නව සීලන්තෙන් (බ) 11