ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව මලයාසියාවේ සේවය කරන බවත් අසනීපව සිටින පුද්ගලයෙකු බලාගැනීම සදහා මොහු එහි යන බවකි.
කෙසේ වෙතත් සැකකරු කොළඹ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ ඒජන්තවරයෙක් හරහා මලයාසියාවට යාමට ව්‍යාජ ලිය කියවිලි සකස් කරගෙන ඇති බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳ කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර වීසාවෙන් මලයාසියා ගමන නවතී
ආරච්චිගේ Sunday, 17 May 2015 08:56 AM
අනේ ඔව් ඇත්තටම අනේ මට මැලේසියන් කාරයෝ කොරපු අතවරවල මට දැන් හිතෙනකොටත් ඇග කිලිපොලා යනවා (බ)
ඉසුරන්දි Sunday, 17 May 2015 06:53 AM
ඔය නොදන්නා රටවලට ගිහින් අතරමන් වෙනවට වැඩිය මෙහෙම වුන එකත් එක අතකට හොදයි. (බ)
චන්ද්‍ර වීරසිංහ Sunday, 17 May 2015 07:13 AM
පව් නැද්ද ?අම්ම ළඟට යන්න හදන අහිංසකයෙක්!! හයි කාරයන්ගේ ළමයි මැච් බලන්නත් යන එකේ මේ අසරණයට යන්න දෙන්න තියෙන්නේ! අම්මත් හරි දුකෙන් වෙන්න ඇති ඉන්නේ !අපේ රටේ නීති බලපාන්නේ අසරණ අහිංසකයන්ටම තමයි නව සීලන්තෙන් (බ) 11