IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොර වීසා තුන් දෙනා හිර වෙති


 වෙනත් පුද්ගලයින්ගේ නම් වලට සාදන ලද  සංචාරක  වීසා උපයෝගී කරගෙන මලයාසියාව හරහා බටහිර රටවල්වලට ශ්‍රී ලාංකික තරුණ, තරුණියන් රැගෙන යාමේ සංවිධානාත්මක වැඩපිලිවෙලක් කටුනායක ජත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයේ නිලධාරීහු අද   අනාවරණය කර ගනු ලැබුහ.

ආගමන විගමන පාලක ජනරාල් චුලානන්ද පෙරේරා මහතා  පැවසුවේ මලයාසියාව බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට  පැමිණි කල්මුණේ ප්‍රදේශයේ තරුණියක හා තරුණයෝ  දෙදෙනෙකු  අද උදෑසන අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ බව අනාවරණය වු බවයි.

තරුණියගේ වයස අවුරුදු 21 කි. තරුණයෝ 22 සහ 23 වයස් වල පසු වෙති.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් මලයාසියාව බලා යාමට ගුවන්තොටුපොළට පැමිණි මෙම තිදෙනාගේ ගමන පිළිබඳ එහි රාජකාරියේ යෙදී  සිටි ආගමන විගමන නිලධාරී ජි.එන් සන්දනායක මහතාට ඇති වු සැකයක් මත  පිටත්වීමේ පර්යන්තය බාර ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා වෙත ඔවුන් තිදෙනා  යොමු කර ඇත.

ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී උපුල් අල්විස් මහතාද  එහි රාජකාරියේ යෙදී සිටි  අතර ආගමන විගමන නිලධාරීහු මෙම තිදෙනාගෙන්  ප්‍රශ්ණ  කිරීමේදී  පවසා ඇත්තේ තමන් මලයාසියාවේ සංචාරයක් සඳහා යන බවයි.

මෙහි දී  එක් තරුණයෙකු පවසා ඇත්තේ   තරුණිය තමන් හා  විවාහ ගිවිස ගෙන ඇති බවත් අනෙකා ඥාති සොහොයුරෙක් බවයි.

කෙසේ වෙතත්  ඔවුන් සතුව තිබු වීසා පිළිබඳ ඇති වු සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා විසින්  ශ්‍රී ලංකාවේ පිහිටි මලයාසියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් අදාල වීසා සම්බන්ධයෙන්  විමසා ඇත.

පසුව එහි නිලධාරීහු පවසා ඇත්තේ මෙම වීසා වෙනත් තිදෙනෙකුගේ නමින් ඇති බවයි.  

ඉන්පසුව  ආගමන විගමන නිලධාරීහු  නැවතත් තිදෙනාගෙන්  ප්‍රශ්ණ කිරීමේදී පවසා ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම වීසා ලබා දුන් බවත් මලයාසියාවට ගොස්  බටහිර රටකට පැනයාමේ අරමුණ ඇතිව මෙලෙස  පැමිණි බවයි.

කෙසේ වෙතත් ආගමන විගමන අංශ පවසන්නේ මේ ආකාරයේ වීසා ලබා ගෙන මලයාසියාවට ගොස් සිටින බොහෝ පිරිස් එහි අතරමන්ව ඇති බවත් මෙය සංවිධානාත්මකව සිදුවන මිනිස් ජාවාරමක් බවයි.

එමෙන්ම මෙරට ජනප්‍රිය පුද්ගලයන්ගේ  සහ උසස් තනතරු දරණ පුද්ගලයන්ගේ  නම් වලින් සකස් කර ගත් වීසා  මේ සඳහා භාවිතා කරන බවයි

මේ පිළිබඳව ආගමන විගමන නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන අතර ඉන් අනතුරුව මෙම තිදෙනා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.


     

 



අදහස් (0)

හොර වීසා තුන් දෙනා හිර වෙති

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 24 September 2014 07:07 AM

ඔය හොර විසා වලින් බහුදින ධිවර යාත්‍රා වලින් එන අය ගොඩක් එන්නේ මෙහෙට ඉතාලියට. මෙහෙ හොඳ නිජ බිමක් නුගත් හොර මැරයන්ට. අවොත් ගොඩ තමා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site