පාසල් නිල ඇඳුම් වවුචර් පත් හතරක් බැංකුවකින් මාරු කිරීමට යාමේදී ඒවා ව්‍යාජ වවුචර් පත් බව බැංකුව තහවුරු කළ බව බද්දේගම රෙදිපිළි වෙළඳසල් හිමියෙක් පවසයි.
අදාළ වවුචරයේ රහස් අංකය වැරදි වීමත් ඒවායේ පාසලේ නම මුද්‍රණය නොකර පෑනකින් ලියා තිබීමත් හේතුවෙන් වවුචර් භාරගත නොහැකි බව බැංකුව පවසා ඇතැයි කියති.
මේ අනුව තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් මින් ඉදිරියට පෑනෙන් ලියා ඇති වවුචර් පත් බාරනොගන්නා බවත් වෙළඳසල් හිමියා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
ඒ ගමන ඒකෙනුත් මුදල් ගරන්න පටන් අරන්ද? (නි)
එක පැත්තකින් බැලු බැලු අතේ හොරු, අනිත් පැත්තෙන් බැලු බැලු අතේ දේශානුරාගය සහ ආගමික භක්තිය උතුරනවා!අනේ මෙහෙමත් ධර්මද්වීපයක්! (අ)
අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. අනිත් එක තමයි බලන බලන හැමතැනම පෙනෙන්නේ අක්‍රමිකතා, හොර මකම්. මේවා දැකලා "අපිත් පොඩි ගේමක් දීලා බලමුද" කියලා කාටහරි හිතෙන්න ඇති. (නි)