(විනීතා එම් ගමගේ)
හතලිස් අට හැවිරිදි වියේ බව සඳහන් ව්‍යාජ ලියකියවිලි සකසා පනස් අට හැවිරිදි කාන්තාවක් කටාර් රාජ්‍යයේ රැකියාවට යාමේ පුවතක් හෙළි කර ගැනීමට ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය සමත් වී තිබේ.
පළමුවරට විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වයස අවුරුදු 50 ට අඩුවිය යුතු යැයි කාර්යංශයෙන් පනවා ඇති නීතිය හේතුවෙන් ඇය මෙසේ ව්‍යාජ ලියකියවිලි සකසා විදේශ ගත වන්නට ඇතැයි කාර්යංශය සැක කරයි. ඇය විදේශ ගත වී ඇත්තේ වෙනත් නමකින් යුතු ගමන් බලපත‍්‍රයකින් බවත් මේ වන විට කාර්යංශය හෙළි කරගෙන ඇත.
ඇය මෙසේ ව්‍යාජ ලියකියවිලි සකසා 2011 වසරේ විදේශ ගත වී ඇති අතර මේ වන විට ඇගේ සැබෑ වයස අවුරුදු හැට හතරකි.
ගලේවෙල බඹරගස්වැව පදිංචිකාරියක වන මෙම කාන්තාව කටාර් හි රැකියාවට ගොස් සිටින අතරතුර ඇගේ හාම්පුතා සවුදියේ නිවාඩුවක් ගත කිරීමට යෑමේදී ඇයද කැඳවාගෙන ගොස් ඇති අතර එරට දී ඇය පැනගොස් ඇත.
මේ පිළිබඳව ඇගේ හාම්පුතා සෞදි අරාබියේ අල් අහ්සා පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත. අනතුරුව ඔහු යළි කටාර් වෙත පැමිණි පසු ඇගේ ගමන් බලපත‍්‍රය කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දී තිබේ.
ඒ අනුව මෙම කාන්තාව කිසිදු නීත්‍යානුකූල ලියකියවිල්ලක් නැතිව එරට රැදී සිටින බව කාර්යංශය කියයි. ඇය එරට රැදී සිටිතැයි කියන කාලසීමාව තුළ සවුදියේ පොදු සමා අවස්ථා දෙකක් දුන් නමුත් මෙම කාන්තාව එම අවස්ථා ප‍්‍රයෝජනයට නොගත් බව ඇය පිළීබඳ කළ පරික්ෂණ වලින් පෙනී යන්නේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඇය පිළිබඳ සොයා බැලීමට කාර්යංශය පෙළඹී ඇත්තේ ‘‘කටාර් ගොස් වසර හයයි, තවම තොරතුරක් නැහැ’’ මැයෙන් පුවත්පත්වල ඇය ගැන පළවු ප‍්‍රවෘත්තියකින් පසුව තොරතුරු සෙවීමේ දී යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
සවුදි තානාපති කාර්යාලය ඇය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් ඇය පිළිබඳ යම් තොරතුරක් සොයා ගැනීමට ඔවුන් උත්සාහ දරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දක්ෂ වැඩකාරයෙක්, ඔහේම ඉඳලා ඔහෙන්ම ස්වර්ගෙට යාවිද දන්නේ නෑ.
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන හේතුවට උත්තරයක් ලබාදිය යුත්තේ රජයයි.
මේ කාන්තාවගේ හාම්පුතා කියන කථාව තමයි දැනට හැමෝම දන්නේ. කාන්තාවගේ කථාව කවුරුත් දන්නේ නැහැනේ. ‘‘කටාර් ගොස් වසර හයයි, තවම තොරතුරක් නැහැ’’ ඒ කියන්නේ ඇයට වසර හයකින් වැටුප් ලැබී නැති බවද? වැටුප් ලැබුණා නම් ඇය අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදරට මුදල් යවනවා. අනික ඇය කටාර් වල ඉඳලා සෞදියට යනකොට පාස්පෝට් එක නැතුව එක්ක ගියේ කොහොමද? සෞදියේ පොදු සමා කාලය ප‍්‍රයෝජනයට ගන්නේ කොහොමද? කොහේහරි අතරමං කරලා, හිරකරලා හෝ අතුරුදන් කරලා නම්. අඩුගානේ ඒ මනුස්සයා දන්නවද දන්නේ නැහැ. ඉන්නේ සෞදියේ කියලා.
කටාර් ඉඳලා සෞදි අරගෙන ගිහිල්ල එහෙදී පැනල ගියා කියල හිතන්න අමාරුයි. විශේෂයෙන්ම පවුලේ අය කියනවා නම් තොරතුරක් නැහැ කියලා,...අපේ බලධාරීන්ට තිබුණා සෞදියෙන් පොලිස් පරීක්ෂණයක් වෙනම ඉල්ලන්න.
මේක අපේ අක්කාගෙන් කොපිකරලා කරපු වැඩක්...
වෙනත් නමකින් යුතු ගමන් බලපත්‍ර පිහිටෙන් විදේශ ගත වුණේ මෙයා විතරද ? අනිත් අය ගැන දැන් කිසිම කතාබහක් නැති නිසාද මේ කතාව මතු වුණේ? කොහොම වුණත් මෙයා තවම ජීවතුන් අතර ඉන්නවා නම්, ඇය සිටින රටකින් පිටුවහල් කරන දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන් !!!
මට නම් මේ හාම්පුතාගේ කතාව විස්වාශ නෑ.