විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව කියමින් 97 දෙනකුගේ රුපියල් දෝකෝටියක් පමණ වංචා කළැයි කියන අඹුසැමි යුවළක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් 11 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
දර්ශන උදාන නොහොත් මොහොමඩ් මසීම් හා ඔහුගේ බිරිඳ සිත්ති නම්ජා නිලබ්දීන් එසේ රිමාන්ඩ් කැරුණු දෙදෙනාය.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ බව කියන තරංග පෙරේරා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ස්වයන් රැකියාවක්නේ සිංහල නමකින් පෙනී ඉදල කරලා තියෙන්නේ. (නදී)
මෙච්චර මේවා ගැන දැනුවත් කරද්දීත් මිනිසුන් අහුවෙන එකනේ පුදුම (නි)
මම නම් කියන්නේ මේවට අහුවෙන අයටයි පළමුව දඩුවම් දියයුත්තේ කියලා (නි)
අදාළ අමාත්‍යාංශයෙන් මේ සම්භන්දව මොකද්ද ප්‍රකාශ කරන්නේ (දී)
තාක්ෂනනේ පලවිපාක, තාක්ෂනය 100% දියුණු වෙනකොට මතක තියා ගන්න සමාජය 100% පරිහානියට පත්වන වග (දී)
සයිබර් අවකාශයේ වංචා (දී)
gov.lk domain එක හැම රාජ්‍ය ආයතනයක්ම භාවිත කරා නම් ඉවරනේ (දී)
වංචාව නම් වැරදියි, නමුත් හැකියාව අගය කරනවා (දී)
දැඩි දඩුවම් දිය යුතු දෙන්නටම (දී)
හොර සමර් විසා කොළ හදපු අයදැන් ලංකාවේ .බලාගෙන (දී)
මොකටද ඇප දුන්නේ ???????????? (දී)
මේවගේ දේවල් හැමදාම ඇහුවත් හැමදාම අහු වෙනවා (දී)
මෙම වෙබ් අඩවියට තවමත් ඇතුළත් විය හැකිද? එසේ නම් එය අවලංගු කළ යුතුයි (නි)
ලංකාවෙ මිනිස්සු හරිම දක්ෂයි, කපටිකමින් අනිත් මිනිහට මොනවා වුණත් තමන් මුදල් ලබාගන්න. (නි)
වෙනදා වගේ තනියම නෙමෙයි දැන්, ජෝඩු දමාගෙන වංචා කරන්නේ. (නි)
ඉතින් කාවද දැන් විශ්වාස කරන්න පුලුවන්? (නි)