විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් සුපිරි පන්නයේ මෝටර් රියකින් ගමන් කරමින් පුද්ගලයන් හා ආයතන මුලා කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් හා දේපළ වංචා කළැයි කියන අයකු අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි.
දිවුලපිටිය බලගල්ලේ බව කියන සැකකරු නම් දෙකකින් පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි. සැකකරු කොළඹ ජාතික රෝහලේ මෙන්ම මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ සේවය කරන බව පවසමින් මෙසේ චංචා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හොරු දැන් රටපුරාම ඉන්නවා (නි)
මේකෙන් නැවත නැවතත් ඔප්පුවන සත්‍යයක් තියෙනවා. දක්ෂ වංචනිකයෙකුට ඕනෑම කෙනෙක් සාර්ථකව රවටන්න පුළුවන්. (නි)
මේ වගේ හොර දේශපාලකයින්ටත් රැවටිච්ච මිනිසුන් අපේ රටේ කොපමණ ඉන්නවද? 8 පාස්වෙලත් ඔය හොඳට ඇමතිකම් කරගෙන ඉන්නේ අහුනොවී. (බ)
උපාලි, දන්නවනේ මුළු රටම දශක ගානක් තිස්සේ රවට්ටන්නේ නියම දක්ෂයෝ රැලක් කියලා. (නි)
හානේ! මේ අපේ මගෝඩි විශේෂඥ දොස්තර මහත්තයනේ (නි)
මේ වගේ හොර දොස්තරලා කී දෙනෙක් මේ වෙන කොට රෝහල් වල සේවය කරනවා ඇත්ද?(හේ)
දැන් ඉහලම ඉඳන් පහලටම හැමතැනම හොර ගුහාවල් වෙලා. කව්ද ඕවා හොයලබලලා දඬුවම් කරන්නේ? කවද්ද ඕවාට හරි දඬුවමක් කලේ? (ර)