(රෝෂන් තුෂාර)
වෛද්‍ය බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා වැල්ලම්පිටිය පොලිසියට අද(15) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළද විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර නොමැති බවට දරුවන්ගේ පියා වෙනුවෙන් කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
වැල්ලම්පිටිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා නොමැති අවස්ථාවක ප්‍රතිකාර කළ තැනැත්තකු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
COMMENTS