වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ සිරකරුවෙක් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් නැටුම් වලට බී සාමාර්ථයක් ද සහිතව වැඩ හයක් සමත්වී සිටියි.
ඉන් වැඩ හතරකට සම්මාන ඇත.
හොර බඩු ළඟ තබා ගැනීමේ වරදට තුන් අවුරුදු සිර දඬුවමකට නියම වූ ඔහු දැනට මාස හතක් දඬුවම ගෙවා තිබේ.
හිරකරුවෝ 16 දෙනකුගෙන් සාමාන්‍ය පෙළ සමත්වූ එකම සිකරුවා මොහුය. ඔහු අනුරාධපුරයේ කෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරදිග නොබලා කරන වැඩ නිසා තරුණ වියේදිම තමන්ගේ අනාගතය විනාශ කරගෙන. (ස)
මේ තරුණයාට හරි මග කියාදී යම් කිසි පිළිසරණක් වුනොත් එය ලොකු සමාජ මෙහෙවරක් වෙනවා. මම ප්‍රාර්ථනා කරන්නේ මොහුට උසස් පෙළ ඉගෙන ගැනීම සඳහා යහපත්කම වේවා කියලා. (ස)
මෙම දරුවට අවවාද කර නිදහස් කල යුතුයි.., යහපාලනයෙන් මේවා විය යුතුයි, ලොක්කන්ට විතරක්ද සමව ලැබෙන්නේ? (ස)
පොඩි දේවල් වලට හිරේ දාන එක ලොකු හානියක්. පොදු සමාවක් දීල මෙයාලව එලියට දාන්න. දවසකට හිරකරුවෙකුගේ නඩත්තු වියදම කීයද?අනෙක තරහට හොරබඩු ගෙනත් දාන්න ඇති. නැතිනම් නොදැන තියාගන්න ඇති. මේවද මේ රටේ වෙලා තියෙන්නේ. (ස)
සුභවාදීව මේ දිහා බලා මේ ළමයාව නිදහස් කරනු මැනවි...! (ම)
පොදු සමාවක් දී එලියට දැම්මනං එයාගේ දෙමාපියන්ට ලොකු සතුටක්. එයාගේ අධ්‍යෘපන කටයුතු වලට ලොකු සහනයක්. ඇමති ගොල්ලෝ කෝටි ගණන් හොරකන් කරලා සැපවිඳින එකේ මේ ළමයට සාධාරනයක් කරන්න. එකයි අපි බලාපොරොත්තු වෙන්නේ යහපාලනයෙන්. (ස)
මෙය දරුවට උසස් පෙළ කලා අංශයෙන් හදාරා ඉදිරියට යන්න පුළුවන්. යහ පාලනයෙන් ඉල්ලන්නේ දරුවා නිදහස් කරලා අධ්‍යාපනයට යොමු කරන්න කියල. (ස)
මේ තරුණයා නිදහස් කර ඉගෙන ගැනීමට ඉඩ දුන්නොත් ඔහු යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු කරාවි යන්න මගේ විශ්වාසයයි. මීට වැඩිය වැරදි කල එහෙත් කිසිම අච්චුවක් නැති උදවිය කී දෙනෙක් ඉන්නවද ? ඇතැම් විට මේකත් තරුණයාගේ නොදැනුවත්කම නිසා වුන දෙයක් විය හැකියි. (ස)
දෙන්න ඉඩ යන්න පෙරටම අධ්‍යාපනයේ... නිදහස් කරන්න පාසල් සිසුවෙක් නිසා ලොකු හොරු අල්ලා දමන්න හිරේ (ම)
මේ දරුවාට සමාව දී නිදහස් කරන්න. (නි)
හොද අනාගතයක් හදා ගන්න හොදට ඉගෙන ගන්න පුතේ සුභ පැතුම් (දිල්)