සිංගප්පූරුව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයේ රැකියා සඳහා යවන බව කියමින් ශ්‍රී ලාංකිකයන් 240දෙනකුගෙන් රුපියල් ලක්ෂ 150ක් පමණ වංචා කළැයි කියන කොල්ලුපිටියේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය ගම්පොළ ව්‍යාපාරිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා මෙහෙයුම් කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. වසර නවයක් තිස්සේ පොලිසිය හා කට්ටි පනිමින් සිටි මොහු කිසිවකුට රැකියා සපයා දී නැතැයි ද උසාවිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැර තිබිය දී ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදාගෙන මලයාසියාව, සිංගප්පූරුව, මාලදිවයින හා ඉන්දියාවට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි. 2003 සිට කොල්ලුපිටියේ හා පේරාදෙණියේ පූජක වෙසින් සැඟවී සිට ඇතැයි ද පොලිසිය කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරැන් වුනත් පුජකවරයෙක්නේ? ඇමතිවරයෙක් නෙමෙයිනේ?
හැම ආගමකම පූජකයන්ව ලියාපදිංචි කරන්නවෙයි වගේ ඉස්සරහට.