බෝලවත්ත වයික්කාලේ සුපිරි නිවසක් පිටුපස සත්ව ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය බව කියන සිවු දෙනෙකු වලාන දුෂණමර්දණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පුත්තලම හා නිකවැරටියේ නිදැල්ලේ ගැවසෙන ගවයින් හොරෙන් ගෙනවුත් සෞඛ්‍ය පරික්ෂකවරයකු බව කියන පුද්ගලයෙකුගේද සහය ඇතිව ගවමස් ජාවාරම ගජරාමෙට පවත්වාගෙන ගොස් ඇති බවත් මිහිපිට අපායක් බදු සත්ව ඝාතකාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය අසල වෙල්යායකට බැහැර කැරෙතියි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් රාජ්‍ය නිලධාරීන් ගැන ඇත්තටම ලැජ්ජයි (නි)
මොවුන් හරක්ට කළ දේ මොවුන්ට නීතියෙන් නොකළාට ස්වාභාව ධර්මයෙන් නියමෙට කරාවි. (නි)
ඔලුවට ගසා සතුන් මැරීම හැමතැනම සිදුවෙයි. එය දියුණු රටවල කරන්නේ සතුන්ට බිය සහ වේදනාව නොදෙන ආකාරයටයි. (නි)
ඉතා ප්‍රසංසනීයයි. පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
පී.එච්.අයි ලා හොඳට ඉන්නවා නම් ලංකාවේ තිබෙන හෝටල් වලින් වැඩි හරියක්ම වහලා දාලා. මස් කඩවල් ඔක්කොම වගේ වහලා දාලා. ජරාව කාලා ඉවරවෙලා, ඕනෑම දෙයක් අත්සන් කරන ජාතියක් වෙලා දැන් බොහෝ පී.එච්.අයි.ලා (නි)
හරක් මස් කන්න අවශ්‍ය මිනිස්සුනට කන්න හරක් මරන්න වෙනවා මොනවා කරන්නද , අපි බෞද්ද වුණාට ඇත්තටම ලැජ්ජා හිතෙනවා වෙසක් මාසේ නේද මේ (අ)
මේ වැහි කාලේ මේ අයට හෙණ ගහල මැරියන්
පී.එච්.අයිලාට වැටුප් අවශ්‍ය නැහැ බලනකොට. ලංකාවේ පී.එච්.අයිලා ලොකු සල්ලිකාරයෝ වෙලා ඉන්නේ මස් කඩ නිසා (නි)
අනේ දෙවියනේ මෙහෙමත් සහගහන අපරාධ වලට උදවුදෙන රාජ්‍ය නිලධාරියෝ? (නි)
හොද නරක තමා කරන කර්මය තමා පසුපස අනුවමයි. (ම)
මේ අයට නම් මේ පවු පල දෙයි.(හේ)
ඇග හිරිගඩු පිපෙනවා හරකෙක් මරනවා කිව්වමත්.(ම)
හොර සත්ව ඝාතනාගාර හා හොර හරක් මස් ප්‍රවාහනය කරන අයට හා ඒ අයට සහය දක්වන හා උපකාර කරන දේශපාලකයන්ට මෙන්ම රජයේ නිලදාරීන්ට මරණීය දණ්ඩනය රජය මගින් වහාම ක්‍රියාත්මක කල යුතුය (ම)
නීතිය හැමදාම හැමෝටම එකලෙස හරියට ක්‍රියාත්මක වෙනවානම් මේවා ඉබේම නවතිනවා . (ම)
මස් කෑම වර්ජනය කරන්න. සත්ව ඝාතන අඩුවෙනවා (නි)
නියම ආකාරයට මසට ගවයන් හා එළුවන් ඇතිකිරීමට අවසරදී නවීන ක්‍රමයට සතුන් මස් කරන කර්මාන්ත ශාලා රටේ හදනවා නම් මේ ප්‍රශ්න එන්නේ නැහැ. (නි)
මේ මිනිස් වෙස් ගත් නරුමයින්ට හොඳක් නම් වෙන්න එපා! (නි)
මේවා නම් සහගහන අපරාධ (නි)
හොඳක් වෙන්නේ නැහැ මොවුන්ට මේ වගේ වැඩ කරනවට (නි)
මේ අයගෙ පවුල් වල ගෑවිච්ච ගෑවිච්ච අයටත් මේ පව පළදෙනවා. මේ තිරිසන්නු නැති කරන්න රටේ නීතියක් නැති හැටි. උඩ ඉන්න දෙවියොවත් මේ අහිංසක සත්තු මරන මිනිස් තිරිසනුන් නැතිකරත්වා! (නි)