IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


හොර මස් මඩුවට අනුග්‍රහය පි.එච්.අයි. ගෙන් ?

බෝලවත්ත  වයික්කාලේ සුපිරි නිවසක්  පිටුපස සත්ව ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන්  නීති විරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය බව කියන සිවු දෙනෙකු වලාන දුෂණමර්දණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පුත්තලම හා නිකවැරටියේ නිදැල්ලේ ගැවසෙන ගවයින් හොරෙන් ගෙනවුත් සෞඛ්‍ය පරික්ෂකවරයකු බව කියන පුද්ගලයෙකුගේද සහය ඇතිව ගවමස් ජාවාරම ගජරාමෙට පවත්වාගෙන ගොස් ඇති බවත් මිහිපිට අපායක් බදු සත්ව ඝාතකාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය අසල වෙල්යායකට බැහැර කැරෙතියි කියති.

මස්-සදහා-මැරීමට-සිටි-ගවයින්-වෙන්නප්පු-පොලිසියට-ගෙන-යාමට-සිටියදි සතුන්-මැරීමට-ගන්නා-ලද-ආයුධ සැකකරුවන්--අධිකරණය-වෙත-ගෙන-ගිය-අයුරු

 



අදහස් (0)

හොර මස් මඩුවට අනුග්‍රහය පි.එච්.අයි. ගෙන් ?

විශාඛා Sunday, 15 May 2016 09:53 PM

මෙවන් රාජ්‍ය නිලධාරීන් ගැන ඇත්තටම ලැජ්ජයි (නි)

:       0       0

සත්‍යයා Sunday, 15 May 2016 10:42 PM

මොවුන් හරක්ට කළ දේ මොවුන්ට නීතියෙන් නොකළාට ස්වාභාව ධර්මයෙන් නියමෙට කරාවි. (නි)

:       0       0

රූෆස් Sunday, 15 May 2016 11:18 PM

ඔලුවට ගසා සතුන් මැරීම හැමතැනම සිදුවෙයි. එය දියුණු රටවල කරන්නේ සතුන්ට බිය සහ වේදනාව නොදෙන ආකාරයටයි. (නි)

:       0       0

චතුර Sunday, 15 May 2016 11:31 PM

ඉතා ප්‍රසංසනීයයි. පොලිසියට අපේ ප්‍රණාමය! (නි)

:       0       2

සරත් Monday, 16 May 2016 12:55 AM

පී.එච්.අයි ලා හොඳට ඉන්නවා නම් ලංකාවේ තිබෙන හෝටල් වලින් වැඩි හරියක්ම වහලා දාලා. මස් කඩවල් ඔක්කොම වගේ වහලා දාලා. ජරාව කාලා ඉවරවෙලා, ඕනෑම දෙයක් අත්සන් කරන ජාතියක් වෙලා දැන් බොහෝ පී.එච්.අයි.ලා (නි)

:       0       0

සුමිත් Monday, 16 May 2016 09:29 AM

හරක් මස් කන්න අවශ්‍ය මිනිස්සුනට කන්න හරක් මරන්න වෙනවා මොනවා කරන්නද , අපි බෞද්ද වුණාට ඇත්තටම ලැජ්ජා හිතෙනවා වෙසක් මාසේ නේද මේ (අ)

:       0       0

අසංක Monday, 16 May 2016 09:34 AM

මේ වැහි කාලේ මේ අයට හෙණ ගහල මැරියන්

:       0       0

මොහමඩ් Monday, 16 May 2016 02:42 AM

පී.එච්.අයිලාට වැටුප් අවශ්‍ය නැහැ බලනකොට. ලංකාවේ පී.එච්.අයිලා ලොකු සල්ලිකාරයෝ වෙලා ඉන්නේ මස් කඩ නිසා (නි)

:       0       0

යසෝධරා Monday, 16 May 2016 02:58 AM

අනේ දෙවියනේ මෙහෙමත් සහගහන අපරාධ වලට උදවුදෙන රාජ්‍ය නිලධාරියෝ? (නි)

:       0       0

දයානි Monday, 16 May 2016 03:22 AM

හොද නරක තමා කරන කර්මය තමා පසුපස අනුවමයි. (ම)

:       0       0

රිකී Monday, 16 May 2016 11:19 AM

මේ අයට නම් මේ පවු පල දෙයි.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 16 May 2016 04:22 AM

ඇග හිරිගඩු පිපෙනවා හරකෙක් මරනවා කිව්වමත්.(ම)

:       0       0

ශාන සෞදි Monday, 16 May 2016 04:42 AM

හොර සත්ව ඝාතනාගාර හා හොර හරක් මස් ප්‍රවාහනය කරන අයට හා ඒ අයට සහය දක්වන හා උපකාර කරන දේශපාලකයන්ට මෙන්ම රජයේ නිලදාරීන්ට මරණීය දණ්ඩනය රජය මගින් වහාම ක්‍රියාත්මක කල යුතුය (ම)

:       0       0

ලසන්ත Monday, 16 May 2016 05:06 AM

නීතිය හැමදාම හැමෝටම එකලෙස හරියට ක්‍රියාත්මක වෙනවානම් මේවා ඉබේම නවතිනවා . (ම)

:       0       0

සිරි Monday, 16 May 2016 05:57 AM

මස් කෑම වර්ජනය කරන්න. සත්ව ඝාතන අඩුවෙනවා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 16 May 2016 06:14 AM

නියම ආකාරයට මසට ගවයන් හා එළුවන් ඇතිකිරීමට අවසරදී නවීන ක්‍රමයට සතුන් මස් කරන කර්මාන්ත ශාලා රටේ හදනවා නම් මේ ප්‍රශ්න එන්නේ නැහැ. (නි)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 01:53 PM

මේ මිනිස් වෙස් ගත් නරුමයින්ට හොඳක් නම් වෙන්න එපා! (නි)

:       0       0

තිළිණ Monday, 16 May 2016 07:04 AM

මේවා නම් සහගහන අපරාධ (නි)

:       0       0

අජිත් Sunday, 15 May 2016 03:09 PM

හොඳක් වෙන්නේ නැහැ මොවුන්ට මේ වගේ වැඩ කරනවට (නි)

:       0       0

නුවන් Sunday, 15 May 2016 04:12 PM

මේ අයගෙ පවුල් වල ගෑවිච්ච ගෑවිච්ච අයටත් මේ පව පළදෙනවා. මේ තිරිසන්නු නැති කරන්න රටේ නීතියක් නැති හැටි. උඩ ඉන්න දෙවියොවත් මේ අහිංසක සත්තු මරන මිනිස් තිරිසනුන් නැතිකරත්වා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site