බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිසන් සභාව මහජන පැමිණිලි භාර ගැනීම ඇරඹූ බව රජයේ ආරංචි කියයි.
10 වැනිදා දක්වා වූ සිදුවීම් පිළිබඳව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඉදිරිපත් කළ හැකි බවය. පැමිණිලි ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම වඩාත් සුදුසු බවත් පැමිණ භාරදීමටද හැකි බවත් අප්‍රේල් 24 ට පෙර පැමිණිලි බාරදිය යුතු බවත් කොමිසම කියයි.
‘සෑම ලිඛිත ඉල්ලීමක්ම පරීක්ෂාවකින් අනතුරුව අදාළ පුද්ගලයින් හෝ සංවිධාන වාචික පරීක්ෂණයකට කැඳවීමටද ක්‍රියා කෙරෙයි. කොමිසම හමුවේ සාක්කි දෙන සෑම අයකුටම සාක්කිකරුවන්ගේ වරප්‍රසාදවලට හිමිකම් ලැබෙන බවත් ආරංචි මාර්ග කියයි.
කොමිෂමේ ලේකම්වරයා ලෙස ලැසිල් ද සිල්වා මහතා පත් කර ඇත.
කොමිෂමේ ලිපිනය බ්ලොක් අංක 5, පළමු මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාද් ඩෙප්, අනිල් ගුණරත්න, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විශ්‍රාමික විගණකාධිපති සරත් මායාදුන්නේ විශ්‍රාමික අතිරේක සොලිස්ටර් ජනරල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඤාණදාසන් යන මහත්වරුන්ගෙන් මෙම කොමිෂම සමන්විත වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලත් ලොකු හොරු බේරෙනවා. (ත)
කොමිසන් කීයකට කියන්නද එකම කතාවක්-කෝකියන් වැඩි වෙලා නරක් උන සුප් එකක් (ම)
මේක කොළඹ හතේ පිහිටුවන්නේ නැතිව මැද මුලන පිහිටෙව්වා නම් පරීක්ෂණ වලට පහසු වේවි.(ම)
මගුලක් කතා කරනවා..(බ)
අර විදේශ අමාත්‍යංශය ඇතුලේ කවුද හොරෙන් ගාල් කරපු සැප පහසු බස් එකවත් ගමුද ඕකට කාර්යාලේ හැටියට? (අ)