වවුනියාව සිට කිලිනොච්චිය දක්වා ලොරියකින් නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් 152 ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු කොකාවිල් හී දී මාන්කුලම රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරට නිෂ්පාදිත මිලිලීටර 750 ප‍්‍රමාණයේ රජයේ මත්පැන් බෝතල් 88ක් හා මිලිලීටර 180 ප‍්‍රමාණයේ බෝතල් 64 ලොරි රථයේ තිබූ බව පොලිසිය පවසයි.

විදේශ රටකින් ආනයනය කළ ඇඳක් තුළ සූක්ෂම අයුරින් සකසා තිබූ විශේෂ කුටියක මත්පැන් තොගය සඟවා තිබු බව පොලිසිය කියයි.