සොරබඩු ගැනීම සඳහා මාංචු පිටින් පොලිසිය සමඟ ආ සැකකරුවකු ජාඇළ දී දඬුගම් ඔයට වැටී ඇතී ඇතැයි, ඔහු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා ඇතැයි ද පොලිසිය කියයි.
හලාවත පදිංචිකරුවකු කියන මොහු පාදුක්කේ ගෙදරකින් සොරකම් කළැයි කියන භාණ්ඩ පෙන්වීම සඳහා අයිතිකරුගේ රියෙන් පොලිසිය සමඟ යද්දී බඩු පෙන්වන බව කියා ඔයට පැන්නේ දැයි සැකයක් මතුවන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොරුන්ට පුදුම හැකියාවක් තියෙන්නේ, මාංචු පිටින්ම ගඟට පනිනවා, පීනලා බේරෙන්න. (නි)
වෙනදට ආයුධ පෙන්වන්න මාංචු නැතිවද ගෙනියන්නේ කියල හැමෝම පොලීසියට ඇගිල්ල දික් කරනවා නේ, ඔන්න දැන් ගෙනියන්නේ මාංචු පිටින්. දැන් කියයිද දන්නේ නැහැ පාලම් බෝක්කු නැති පාරවල් හොයාගන්න කියල. (ස)
බලමු සැකය තහවුරු වෙයිද කියලා (නි)
පරම්පරා දහයකට පහළොවකට දනය රැස්කර ගැනීමට හැකි, දැවැන්ත මාලිගා තනා ගැනීමට හැකි, බදු නිදහස් වාහන ලැබිය හැකි, සිතාගත නොහැකි විදේශ සම්පත් වලට අයිතිකරුවන් විය හැකි, මාංඡු වෙනුවට පොලිස් ආරක්ෂාව යටතේ මල් මාලා පලදාගත හැකි, ජනතාව විසින්ම සොයාදෙන, නිත්‍යානු කුල දනය සොයා ගත හැකි ක්‍රමය ශ්‍රි ලංකාවේ තිබියදී මෙසේ සිදුවීම කාගේ මෝඩකමක්ද?හොරෙක් උනත් මාංඡු පිටින් මිය යාම ගැන කනගාටුවෙමු. ශ්‍රී ලාංකිකයන් හැටියටත් කනගාටු වෙමු. (නදී)
පැමිණිලිකරුත්, සැකකරුත්,පොලිසියත් මෙහෙම එකට වාහනයකින් යන එක හරිද? (නි)
පොලිසියට මගේ උණුසුම් සුභ පැතුම්!
හොර බඩු ටික හොරාගේ ගෙදරද දන්නෙ නැහැ (නි)
හොරාට මොනවා වුණාද දන්නෙ නැහැ. (නි)
මේ බඩු හොරකම් කරන්න ඇත්තේ කොහොම නිවසකින්ද දන්නෙ නැහැ නේද? (නි)
මොනවා වුණාද කියලා දැනගන්න ලැබෙයි ඉක්මණින්ම (නි)
බලනකොට ආයුධ පෙන්වන්න යන එකත් හොරබඩු පෙන්වන්න යන එකත් දෙකම එක වගේ නේද? (නි)
පහරදීමේදී මිය ගිහින් පස්සෙ ගඟට දාලා ද (නදී)
මේ අය ගිහින් තියෙන්නේ මෝටර් රථයකින්ද? බේට්ටුවකින්ද? (නි)
අනේ මම නම් වැරදිලාවත් පොලිසියට අල්ලගෙන ගියොත් හොර බඩු පෙන්වන්න කොහෙවත් යන්න අඩගහන්න එපා. මම ඕනෑ දෙයක් පොලිසියෙදීම පෙන්වන්නම්. (නි)
ඇත්ත තමයි ජයසුන්දර මහතා කියපු එක. වෙනස හොරා බඩු හංගලා තිබිලා ඇත්තේ දිය යට වගේ (නි)
ඔයට පැන්නේදැයි සැකයක් මතුවෙනවලු පොලිසියටත්. පොලිසියත් එක්කලු ගියෙත්.අනේ මන්දා! (නි)
මෙය කියවා සැනසීමට කාරණයක් නොවේ. අපි තව කොතෙක් කලක් බලා සිටිමුද, මෙය අපටම වෙනතුරු? (නි)
අනුරුද්ධ ජයසුන්දර, දෙකම එක වගේ නෙමෙයි. වෙනස්. ආයුධ හොයන්න ගෙනියන්නේ මාංචු නැතුව. හොර බඩු පෙන්නන්න ගෙනිහින් තියෙන්නේ මාංචු එක්කනේ. (නි)