පොලිස් නිලධරයකු බව කියමින් යුවළකගේ පෞද්ගලික දර්ශන දුරකථනයෙන් වීඩියෝ කළ බව අඟවා රුපියල් දෙලක්ෂ විසිදෙදහසක කප්පම් ඉල්ලූ බව කියන බ්‍රෝකර්වරයෙක් අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
එම යුවළ පේරාදෙණිය, ගන්නෝරුව, මුරුතලාව ප්‍රදේශයේ වෑන් රථයක සිටියදී මෙම බ්‍රෝකර්වරයා එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර මෙම අනියම් යුවළ සිටි වෑන් රථය අසලට පැමිණි ඔහු තමා පොලිස් නිලධාරියෙක් යැයි පවසා ඔවුන්ගේ දර්ශන රූගත කළ බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් ලක්ෂ තුනක මුදලක් අවශ්‍ය බවත් පවසා ඇතැයි එම යුවළ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
බ්‍රෝකර්වරයා ඉල්ලූ මුදලින් කොටසක් ඒ මොහොතේ ලබාදී ඉතිරි මුදල් පසුදින ලබාදීමට එකඟවූ එම යුවළ ඒ බව පොලිසියට දන්වා ඇත. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පොලිසියේ නිලධාරීන් යොදවා මුදල් හුවමාරු කරගන්නා ස්ථානයේදී අදාළ සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් යාලුවෙක් නම් මේ කළේ ලොකු සමාජ සේවයක්. දැන් ඉතින් දෙපැත්තේම නිත්‍යානුකුල බිරිඳ සහ සැමියා තව තෑගි දේවි මේ කැත වැඩේ අල්ලා දුන්නාට (නදී)
අනේ අනිච්චං (ම)
මම දන්නා තරමින් අනියම් සම්බන්ධයක් නීතියෙන් වරදක් නොවෙයි එ්ත් මේවා නවත්වන්න යම් නීතිමය පරිසරයක් ඇති කිරීම වටිනවා (බ)
අනියම් සම්බන්ධය වරදක් නෙවෙයි? (ර)