පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී වංචා සිදුවූ බව කියන ජාතික පාසල් 15ක ලිපි ලේඛන අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන මූලික පරීක්ෂණ අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් මෙන්ම මහනුවර පාසලක් ද ඒ අතර වන බව එම ආරංචි මාර්ග පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයයේ අක්‍රමිකතා කළැයි කියන සිද්ධිය ගැන මූලික පරීක්ෂණයකින් පසු ඊයේ (26 වැනිදා) අට දෙනෙකකුගේ වැඩ තහනම් කරනු ලැබිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම පාසල් පරීක්ෂා කරන්න (නි)
බත්තරමුල්ලෙනුත් එහා ඉන්න නිළියකගේ සැමියා රාජකීය විදුහලේ ආදි සිසුවෙකුත් නොවෙයි. හැබැයි ළමයාව ඒ පාසලේ පළවෙනි ශ්‍රේණියට මීට අවුරුදු 9 කට පමණ කලින් ඇතුළත් කළා. ඇයට ඒ කාලයේ ප්‍රබල දේශපාලන සම්බන්ධකමක් තිබුන බව ප්‍රසිද්ධ රහසක්. කරුණාකර මේ වගේ වැඩ මීටපසුවවත් සිදුවෙන්න ඉඩ තියන්න එපා. (නි)
සියලු පාසල් වලට කරන නවක සිසු ඇතුළත් කිරීම් අධ්‍යාපන අමාත්‍යංශය හරහා පමණක් සිදු කළයුතුයි. විශ්ව විද්‍යාල වල සිසුන් ඇතුළත් කිරීම මීට උදාහරණයක් (නි)
විදුහල්පතිවරු මාපියන්ගෙන් අල්ලස් ගැනීම ජයටම කෙරෙනවා. ඒ සඳහා විදුහල්පතිට ඇති බලතල ඉවත්කර වෙනත් ක්‍රමවේදයකට දරුවන් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම කළයුතුය (නි)
සමහර නිළියන්ගේ කලාකාරියන්ගේ දුවරුන් විශාකාවේ පළවෙනි පන්තියට ඇතුළත්වෙන්නේ ආදී සිසුවියන් වීම තබා ඔවුන් වැස්සකටවත් ඒ පාසලට ගොඩ නොවීය. අම්මා පාසල් ගියේ මාතලේ. පදිංචිය පාසල් සීමාවටත් එහා. නමුත් දුවලා විශාකාවේ. අපේ අක්කා ආදීසිසුවියක් වෙලාත් එයාගේ දුවට ලකුණු මදි කියා පළවෙනි ශ්‍රේණි ලැයිස්තුවෙන් කැපුනා. (නි)
කිරිබත්ගොඩ පැත්තේ විදුහලකත් කාලෙක පටන් බොහොම හොර රහසේ අල්ලස් ලබා ගන්නවා. මේවාට අමාත්‍යංශයේ අය නිහඬ ඇයි? (නි)
පාසල් වලට ළමයි හොරෙන් ගන්නේ කොහොමද? ඒ ඇයි? රටේ හොඳ හා නරක පාසල් තියෙන නිසා නොවේද මේ ගැටලුව? සියලු පාසල් එකම තත්වයකට ගෙනෙන්න. එවිට ඔය චක්‍රලේකන කවදාවත් උල්ලංගනය වෙන්නේ නැහැ (නි)
2017 වසරට පළවෙනි වසර සඳහා ළමයි ඇතුළත් කරලා තියන්නෙත් ලක්ෂ ගණන් මුදල් අරගෙන (නි)
මීගමුවේ ලොකු පාසල් කීපයකත් මේ දේ සිද්ධ වුණා. ඉක්මනින් හොයලා බලන්න (නි)
මේ පාසල් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
කොළඹ ජාතික පාසල් වලට දාපු ළමයිගෙන් 20% දාන්නේ අනිවාර්යයෙන්ම හොර පාරෙන්. එ්කෙන් බාගයකටත් වඩා දෙනෙක්ට අැමතිලාගෙන් සළකා බලන්න කියලා ලියුම් දීපුවා. (නි)
මීගමුවෙත් ප්‍රධාන පාසල් පහක පමණ, (රජයේ සහ අර්ධ රාජ්‍ය ) අඩුමතරමේ ලක්ෂ 5කවත් මුදලක් නැතුව ළමුන් ඇතුළු කරන්න බැහැ කියා හැම දෙමාපියෙක්ම දන්නවා. ප්‍රධනම පාසල් වලට නම් එම මුදල ලක්ෂ 10 ඉක්මවන බව ප්‍රසිද්ධ රහසක්... (නි)
මලික්, නිළියගේ ළමයාගේ තාත්තා ආදි සිසුවෙක් වෙන්න ඇති. කාට කියන්නද මේවා..? (නි)
රජයෙන් පාසල් වර්ග කරන්නේ කොහොමද? හැම පාලකටම දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රය. ගුරුවරුන් ලොකු ඉස්කෝල වලට විතරද අයිති. ඒ අයවත් අනිත් අය වගේ දුර පළාත් පාසල් වලටත් කලවමේ යවනවා නම් ඇමතිවරුන්ගේ ළමයින්ට තම පළාතේ පාසල් වලටම යවනවා නම් මේ වගේ ලොකු ඉස්කෝල ප්‍රශ්න එන්නේ නැහැ නේද (නි)
ගොඩක් පාසල් ගැන හැමෝම දන්නවා. එ්ත් අල්ලන්නේ නැහැ (නි)
එතකොට අනෙකුත් පාසැල් වලට ළමයින් ගත්තේ හරි පාරින්ද? (නි)
හැම දරුවෙකුම එක සමානයි. කුසපත් ඇදීමෙන් ජනප්‍රිය පාසැල් ලබාදිය යුතුයි. (නි)