ව්‍යාජ ලේඛන සකසා රුපියල් ලක්ෂ 120ක පමණ මුදලක් එකතු කර පළමු ශ්‍රේණියට හොරට ළමයින් ගත් බව කියන ගම්පහ පාසලක 2017 වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ ලේඛණය අහෝසි කළ බව ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ආරංචි මාර්ග කියයි.
පැරණි ලේඛණය ව්‍යාජ තොරතුරු මත සකස් කළ නිසා එය අහෝසි කළ බවත්, මේ වන විට ළමයින් ඇතුළු කර ගැනීමේ නව ලේඛණය සකස් කර අවසන් බවත්, නව ලේඛණය සකස් කරද්දී පැරණි ලේඛණයේ නම තිබූ ළමයින් පිරිසකගේ නම් ඉවත් කිරීමට සිදුවූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුරුවරියක මුල් වී එම ව්‍යාජ ලේඛන සකස් කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබේ.
මූලික විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය. එම විමර්ශනයෙන් අනාවරණය වන කරුණු මත හොරට ළමයින් ඇතුළු කළ පිරිසට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd