(ජුඩ් සමන්ත)

පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය බිඳ ඇතැයි පුත්තලම පොලීසිය කියයි. අධිකරණ සංකීර්ණයේ වහළයේ උළු ඉවත් කර නඩු  බඩු කාමරයට ඇතුළු වී ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති නමුත් එහි තිබී සොරකම් කරන ලද්දේ හෝ ගෙන ගොස් ඇත්තේ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

විමර්ශණ කටයුතු සිදු කරන බැවින් බාහිර පාර්ශවයන්ට අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමද මේ වන විට තහනම් කර තිබේ. 
පුත්තලම දිසා අධිකරණයේ සහ  මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ලිපි ලේඛණ ඇතුළු දෑ තැන්පත් කර ඇත්තේ මෙම නඩු - බඩු කාමරයේය.