"හැරී පොටර්" චිත්‍රපට මාලාවේ නෙවිල් ලොන්බොටම්ගේ චරිතය නිරූපණය කළ මැතිව් ලෙවිස්ගේ ජීවිතයට මංගල සීනු හැඬවෙන දිනය ළං වෙලා. තම පෙම්වතිය වන ජනප්‍රිය නිළි ඇන්ජලා ජෝන්ස් සමග ඔහු පසුගියදා විවාහ ගිවිස ගත්තා. මැතිව් සහ ඇන්ජලා මාස 10ක පමණ කාලයක පෙම්වතුන් ලෙස සිටි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඒ කාලය තුළ දෙදෙනා අතර තරමක ගැටුම්කාරී වාතාවරණයකුත් තිබූ බවයි හොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ඇන්ජලා ජෝන්ස්, මැතිව් සමග විවාහ ගිවිස ගත්තේ ඇගේ නීත්‍යනුකූල විවාහය කටුගා දැමීමෙන් පසුවයි. මේ නව යුවළ විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන වෙත පිටත්ව ගියා. එහිදී හමුවූ මාධ්‍යවේදීන්ට සහ කැමරා ශිල්පීන්ට ඇන්ජලා තම සුරතෙහි රැඳි විවාහ ගිවිස ගත් බව හැඟවෙන වටිනා දියමන්ති මුදුවේ කාන්තිය පෙන්වනු ලැබුවේ ආඩම්බරයෙන් බව සඳහන් වන්නේ. මැතිව් සහ ඇන්ජලා, අයිෆල් කුලුන ඉදිරිපිටදී මෙවැනි ‘සන්දර්ශනයක් පැවැත්වූයේ විශේෂ හේතුවක් නිසයි. එනම් මැතිව්, ඇන්ජලාට විවාහ යෝජනාව ගෙන ආවේ අයිෆල් කුලුන ඉදිරිපිටදී නිසාවෙනි. මැතිව්ට ඇන්ජලාව මුණගැසී ඇත්තේ යුනිවර්සල් චිත්‍රාගාරයේදී බවයි ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව පිළිබදව දන්නා අය සඳහන් කරනු ලබන්නේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd