රුපියල් 5000 හොර නෝට්ටු දෙකක් ළඟ තබාගත්තැයි කහටගස්දිගිලියේ දී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ලබන 20 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය අද (18) නියෝග කළාය.

පුල්මුඩේ පදිංචි මීරා උවයිස් එසේ රිමාන්ඩ් කැරුණු අතර පැනගිය අනෙක් සැකකරු අල්ලා උසාවියට ඉදිරිපත් කරන ලෙසද නියෝග කැරිණි.