එලවළු විකිණීමේ මුවාවෙන් තවත් අයකු සමඟ මහරගම හා කහතුඩුවේ ගෙවල් බිඳුම් රැසක් සිදු කළ බව කියන ත්‍රීරෝද රියදුරෙක් (41) ඔහුගේ සඟයා  (24) ද සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ගංගොඩවිල උසාවියේ වරෙන්තු පහක් ඇති මෙම රියදුරා හා සඟයා රන්බඩු, මැණික්, ජංගම දුරකථන, කැමරා ආදිය උකස් කර  තිබිය දී  සොයා ගත් බව පොලිසිය පවසයි.

සොරකමට යොදා ගත් ත්‍රීරෝද රථය ද සැකකරුවන් ද කැස්බෑව උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.