IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘හරි දේ කරන්න බය වෙන්න එපා’’

පසුගියදා පැවැත්වූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේ කිරුළ හිමිකරගත් සුරූපිණිය ඇයයි. ඇය නමින් ඉමායා ලියනගේය. මේ රූ රැජිණ කිරුළ ලැබීමත් සමග දැන් ඇයට එළැඹෙන ලෝක මිහිකත රූ රැජිණ තරගය නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබේ. එළැඹෙන නොවැම්බරයේ පිලිපීනයේ පැවැත්වෙන මිස් අර්ත් හෙවත්, ලෝක මිහිකත රූ රැජිණ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙනු ඇතැයි මෙම රූ රැජිණ අංශයේ ප‍්‍රවීණයින් ඉමායා ගැන විශ්වාසය තබා ඇත. මිහිකත රැජිණ කිරුළ සොයායන මොහොතක ඉමායා ඇය ගැන විස්තර සඳැල්ලට පැවසුවේ මෙලෙසිනි.

2

මම ඉමායා ලියනගේ. ගම වෙන්නප්පුව. ඉගෙන ගත්තෙ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි විතරයි. දැන් මගේ වයස අවුරුදු 22 යි.


01ඇයි ඔබට රූ රැජිණ තරග සඳහා සහභාගි වෙන්න හිතුණේ?
මීට කලිනුත් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඞ් තරගයට ඉදිරිපත්වුණා. එහිදී හොඳම 12 දෙනා අතරට තේරුණත් ජයක් ලැබුණේ නැහැ. නමුත් එය හොඳ අත්දැකීමක් වුණා. එය අත්දැකීමක් කරගෙන තමයි මෙම තරගයට එක්වුණේ.

DSC_7359
01රූ රැජිණ තරගවලට සහභාගී වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
ඇත්තටම ආසාවක් තිබුණා. ඒ ආසාව නිසා තමයි මෙවර මෙම තරගයට ඉදිරිපත් වුණේ. හැබැයි මේ නිසා ලැබුණේ ජයග‍්‍රහණය විතරක් නෙවෙයි. මාස තුනක විතර වැඩමුළු ආදියට සහභාගිවීම නිසා පරිසරය ගැන බොහෝ දේ දැනගත්තා. පරිසරයට ගොඩාක් සංවේදී වුණා. දැන් ශ්‍රී ලංකාවේ පරිසර තානාපතිනිය නාමය මේ කිරුළ සමග මට ලැබී තිබෙනවා. පරිසරයට ලොකු සේවයක් කිරීම තමයි දැන් අරමුණ.


01රූ රැජිණ තරගවලට විතරද ඔබ ඉදිරිපත් වන්නේ?
 විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. ගියවර මිස් ශ්‍රී ලංකා තරගයෙන් පසුව තමයි ඒ අංශයට යොමුවුණේ.


01මීට පෙර ඔබ පරිසරයට සංවේදීව සිටියෙ නැද්ද?
පරිසරයට ආදරෙයි. ඒත් ඊට වැඩිය ලොකු ලෙංගතුකමක් පරිසරය කෙරෙහි ඇතිවුණා. හිටියට වඩා පරිසරය කෙරෙහි සංවේදී වූ බව කියන්න පුළුවනි.


01මේ සමග රඟපෑමටත් අවස්ථා ලැබෙන්න ඇති?
ඔව්, මීට පෙර සිටම රඟපෑමට ආරාධනා ලැබුණා. නමුත් තවම ඒ ගැන හිතුවෙ නැහැ. පාසල් කාලයේ දී රංගනයට සමීපවDSC_7371 සිටියා. ඒ වගේම නර්තනයටත් දක්ෂ වුණා. මේ සියල්ලට අමතරව චිත‍්‍ර ඇඳීමේ දක්ෂතාවයත් තියෙනවා.


01 මේ විදියට ජනප‍්‍රිය ක්ෂේත‍්‍රවලට ඒමට අදහස් කරන තරුණියන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
මම කොළඹින් පිට ගමෙන් ආව කෙනෙ. ඉතින් ගම් පළාත්වල බොහෝ දක්ෂ අය සිටිනවා. එයාලට ආසාවක් තියෙනවා. ඒත් මේ ක්ෂේත‍්‍රයට එන්න බයයි. හැබැයි මේ ක්ෂේත‍්‍රයට ඒමට බිය විය යුතු නැහැ. අපට ප‍්‍රවීණ උපදෙස් ආදී බොහෝ දේ ලබාගෙන ජීවිතයට පන්නරයක් ලබාගත හැකියි. මුළුගැන්විලා ඉන්නවාට වඩා හරි දේ කරන්න බිය විය යුතු නැහැ. හැකියාව සහ රූපයෙන් හොඳ විදියට ප‍්‍රයෝජන ගැනීම අප සතු දෙයක්.

     sadun-gamage



අදහස් (0)

‘‘හරි දේ කරන්න බය වෙන්න එපා’’

චානක. Thursday, 25 September 2014 04:58 PM

ලංකාවේ නම් හරි දේ කරන්න බය වෙන්න ඕනෑමයි. (දී)

:       0       0

ගුණසේකර Sunday, 28 September 2014 09:23 AM

ඔක්කොම පැත්තක තියල ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයට ආසනයකට තරග කරන්න.(දී)

:       0       0

සදුන් Wednesday, 15 October 2014 04:14 PM

රූප රැජිනල වුනාට කමක් නෑ, කීර්ති ප්‍රශංශා ලාබ සත්කාර බොහොම පරිස්සමින් පාවිච්ච් කරන්න. නැත්තන් විනාශය ම එකෙන් වෙන්න පුළුවන්. සුබ පතමි (අ)

:       0       0

වජිර Sunday, 19 October 2014 10:31 PM

විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔබට සුබ පැතුම්. (නි)

:       0       0

ජනක Wednesday, 24 September 2014 05:05 AM

ඉදිරි අනාගතයට ඔබට සුබපතමි. ජය වේවා! අපේ රටට කීර්තියක් ගෙනදෙන්න ඔබට ආශිර්වාද කරමි. (දී)

:       0       0

පෙරේරා Monday, 29 September 2014 08:05 PM

වෙන්නප්පුවේ දුවෙක්. අපිට ආඩම්බරයක්. සුබ පැතුම් ඔයාට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site