
(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් තොරව එස්.එල්.එස් ලාංඡනය භාවිතා කරමින් ජල බෝතල් නිෂ්පාදනය අලෙවිය සහ ගබඩා කිරීම කර තිබූ පූගොඩ දංගල්ල ප්‍රදේශයේ ජල බෝතල් නිෂ්පාදන ආයතනයක තිබූ හත්දහසකට ආසන්න ජල බෝතල් තොගයක් විනාශ කිරීමට අද (20) දින කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස් සී.පී පෙරේරා මහතා පැවසීය
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අධිකරණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ජල බෝතල් තොගය විනාශ කිරීමට කටයුතු කර තිබුණි
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ජල බෝතල් නිෂ්පාදන ආයතනයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ බැගින් වූ දඩ නියම කිරීමක් ද සිදුකළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් එක්කම දාන්න. එතකොට මිනිස්සුන්ට ඕවා ගන්නේ නැතුව ඉන්න පුළුවන්..!
අද දිනය 2025 පෙබරවාරි 21 සිකුරාදා මම 2025 පෙබරවාරි 13 වැනි බ්‍රහස්පතින්දා කාන්තාවකගේ නමින් තියෙන පළතුරු කඩේකින් සීනි කෙසෙල් ඇවරියක් ගෙදරට ගෙනාවා කිසිම රසයක් නැතිනිසා කෑවෙ නැහැ කුරුල්ලන්ට ටිකක් දැම්මා ඉතිරිය පරීක්ෂාකර බලන්න හිතාගෙන තිව්වා ලස්සන වැඩේ කියන්නෙ මේ වනවිට කුරුල්ලන්ට නොදී එක ගෙඩියක් කිසිම නරක්වීමක් නැතුව කලුපාට නොවී ලස්සනට තියෙනවා ඒත් ඇවරියේ නැටි සම්පූර්ණයෙන්ම වේලිලා තියෙනවා මෙම කඩයේ පෘඩ් සැලඩ් වගේම පළතුරු බීමත් තියෙනවා මෑතක් වනතුරුම පළතුරු විතරක් තිබුනාට දැන්නම් හාල් සිල්වරත් ,බිත්තර හා එළවලුත් තියෙනවා වෙළද බලපත්‍ර බලන බවකුත් නැහැ පිඑච්අයි වසවිෂ විකිණීම ගැන හෝ පාරිභෝගික අධිකාරිය බලන බවකුත් නැහැ