එතෙර ගිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිටරට රැකියා කරන අයගේ ජාතික හැඳුනුම්පත්වල පින්තූර වෙනස්කර ලක්ෂ 3 ක පමණ හොර ඡන්ද දැමීමට සැලැස්මක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා කන්තලේ පොදු අපේක්ෂක කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.
එම උත්සාහය අසාර්ථක කිරීමෙ සඳහා රට රැකියා කරන අයගේ ලැයිස්තුවක් දින 10 ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව ඔයා හරි (නදී)
මම නිවාඩු දාල එනවා අනිවාර්යෙන්ම මහින්දට ඡන්දය දෙන්න. අපේ මව්බිම බේරාගත් නායකයට. (නදී)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ! (නි)
මොනවා වේවිද දන්නේ නැහැ. (නි)
දැන්මම පරාජයට හේතු හොයලා තියාගන්න වගේ යන්නේ. දැන් හත්පොළේ ගාගෙනනේ ඉන්නේ.මුල් දවස්වල තිබුණු රැල්ල දැන් නැහැ (නි)
අපිත් දන්න දේවල් තියෙනවා. කවුරු මොනවා කිවුවත් ඇත්ත වෙනස් කරන්න අමාරුයි (නි)
මේවා කිවුවට කරන්න පුළුවන්ද? (නි)
මේ කියල තියෙන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. (ර)
ලංකාවේ ඉන්න අපේ නංගි කිව්වා පසුගිය ඡන්ද ලැයිස්තුවේ පිටරට ඉන්න පවුලේ අයගේ විස්තර අහල තිබුන කියල. (ර)
ඡන්ද ලැයිස්තුවට විස්තර ලියන කොට අපේ විස්තර අහල තිබුන කතාවක් අපේ අම්ම කිව්වා. දැන්ම අහල බලන්න ඕන. (ර)
දැන් ඉතින් වෙන කියන්න දෙයක් නැත. (ර)
බොරුවට ප්‍රචාර යවන්න එපා. ඔය වගේ යල් පැනපු ඒවා දැන් කවුරුත් කරන්නේ නෑ. (දිල්)
අවංකව වැඩ කළා නම් මොකද මේ වගේ වැඩ කරන්නේ? හිත ඕනෑ වෙලාවක දෙගිඩියාවෙන් ඉන්නේ මොනවගේ අයගේද කියලා අපි දන්නවා. (නි)
රට රැකියා කරන අයගේ ලැයිස්තුවක් දින 10 ක් ඇතුළත සකස් කල නොහැක. අර දින සීයේ කතාවත් මේ වගේ එකක්ද කියා සැකයි දැන්නම්. (නදී)
ඕවා ගණන් ගන්න එපා. (ර)
අපිටත් සමහර දේවල් ගැන ආරංචියි (නි)
මේගැන මටත් සැකයක් හිතුනා. මගේත් එක්ක වැඩකරන පානදුරේ යාලුවෙකුගේ ගෙදරට ග්‍රාම සේවක ඇවිල්ල බිරිදට කියල මහත්තය රට නේද ඉන්නේ ඡන්දෙ දාන්න එන්නේ නැත්නම් දන්වන්න අපිට එන්නේ නැති අයගේ තොරතුරු එකතු කරන්න කියල දැනුම් දීල තියනවා කියලා. (නදී)
හොදින් හරි නරකින් ජයගන්න බව කියන ක්‍රියාන්විතයේ අංගෝපාංග වෙන්න ඇති මේ වැඩෙත්. (නදී)
ඉස්සර හිටිය ඔය වගේ මෝඩ කතා විශ්වාසද කරන කට්ටිය.(නදී)
පිටරට ඉන්න අයට සාධාරණ සැකයක් තියනවා මේ ප්‍රකාශය කරන්නත් පෙර සිටම. සමහර දේශපාලක හෙංචයියන් ප්‍රදේශයේ පිටරට ඉන්න සාමාජිකයන් සහිත පවුල් ගැන විපරම් කරලා තිබෙනවා කියලා ආරංචියි. (නි)
නිකන් බොරුවට මඩ ගහන්න එපා ඡන්දෙ කරන්න රට පාවලා දෙන්න එපා. දැන් ඔක්කොම හොරුටික එකතුවෙලා දිනපු රට ආපස්සට යවන්න හදන්නේ අවස්ථවාදීන් (නදී)
මට හිතෙන්නේ මෙයාගේ සීනි කම්හල මතක් වෙලා හෙල්ලෝ දයා 2010 කොම්පියුටර් ජිල්මාට්. මෙදා පාර පීටරට ඡන්ද (නදී)
අපි නිවාඩු දාල එනවා මෛත්‍රීට ඡන්දෙ දෙන්න. (නදී)
ධම්ම, ඔබ තුමා නොදන්නා නිසයි මේ කියන්නේ. අපි රට එනකොටයි අාපහු රටට යනකොටයි ගුවන්තොටුපොළේදී පුරවන ෆෝරම් එකෙන් බොහොම පහසුවෙන් රට ඉන්න අය ගැන හොයා ගන්න පුළුවන්. ඒක ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිති පතා සමීක්ෂණය වෙනවා. දන්නා නිසයි කිව්වේ. (නදී)
මැතිවරණ රාජකාරිය ගැන යන්තමින්වත් දන්නා කෙනෙකුට වැටහෙනවා මේ කතාවේ කිසිම පදනමක් නැහැ කියල. මොකද ඡන්ද මද්‍යස්ථානයේ විවිධ පක්ෂවල ඡන්ද පොළ නියෝජිතයෝ ඉන්නවා. එයාල හරියට රාජකාරී කරනවා නම් මේක කරන්න බැහැ. (නදී)
රට ගිය අයගේ විස්තර පිළිබඳව චන්ද පොළ නියෝජිතයින් නිවැරදිව දැනුවත් කරන්න. ඡන්ද පොලට ගම ගැන, ගමේ මිනිස්සු ගැන හොඳින් දන්නා සිංහල, මුස්ලිම් සහ ද්‍රවිඩ නියෝජිතයින් පත් කරන්න. බිය වැද්දීම් වලට නොදුවන කට්ටියක් වීම විශේෂයි. මොකද? අතීතයේත් එහෙම අවස්ථා තිබුනා. (නදී)
නීරෝ සිරෝ කතා කියයි.(නදී)
ශාමෙන් ඔය දැක්කද කොටින්ට මිලියන 180 දෙනවා මම නම් දැක්කේ නෑ (නදී)
සංජීව ඇයි ඔච්චර කලබල. මෛත්‍රී කරන්න (නදී)
සමන්ජය එතකොට ඔබතුමා අර අලුතින් ගෙන්නපු මැෂිම ගැන මොකද කියන්නේ ? (නදී)
ධම්ම ගොට්ට හිල්වෙයි, බලාගෙන. (නදී)
අම්මපා ෂාම් මමත් එනවා. (නදී)
සංජීව එතකොට කොටින්ට රුපියල් මිලියන 180 ක් දුන්නේ කවුද ? දන්නේ නැති හන්දයි අහන්නේ. (නදී)
දිනන්න බැරි බව දන්නා හින්දා මේවා කිව්වාට ගණන් ගන්නේ නැහැ අපි (නි)
ඇයි ලැයිස්තුවක් ගන්න බැරි? විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා ගිය සියල්ලන්ගේම විස්තර ගන්න පුළුවන්. ගුවන් තොටුපොළෙන් පිටත්වෙලා ගිය අයගෙ ගමන් බලපත්‍රවල විස්තරත් විනාඩි 2න් ගන්න පුළුවන් (නි)
ඒ කාලේ බස් පිටින් කැලේට හරවපුවා මතක් වෙනකොට බය හිතෙනවා ඇති (නදී)
දැන්මම බයේද කොහෙද? (නි)
මේ දේශපාලඥයින් මොනතරම් මෝඩද කියලා හිතෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුව මේවාට වැට බැඳල බොහෝ කල්. හැඳුනුම්පත අනිවාර්ය කිරීම මත ද්විත්ව ලියාපදිංචි ඡන්ද ලක්ෂ 10 ක් පමණ වැළකුණා. හිතාගන්න පුළුවන් නේද පෙර දේශපාලන පක්ෂ සිය බලය දිගටම තියාගත්තෙ කොහොමද කියලා (නි)
සමංජය ඔබ කියන කතාව පැහැදිලි මදි. ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල් වල (මැතිවරණ කොට්ඨාස එකකට මධ්‍යස්තාන කීපයක් ඇත ) අවසන් ප්‍රතිඵලය සහතික කල ලේඛනයක් නියෝජිතයන්ට ප්‍රධාන ගණන් ගන්නා නිලධාරි විසින් ලබා දෙන්නේ නම් ඒ ඒ පක්ෂවල් වල නියෝජිතයන්ට එම ලේඛන සියල්ලම සසදා බලා දල වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. නමුත් අවාසනාවකට මෙම නියෝජිතන්ගෙන් බොහොම දෙනෙක් මත්වතුරෙන් ඔදතෙද බිඳීගිය අය බවට පත්වීමත් නිවැරදි ලේඛන ලබා ගැනීමට උනන්දු නොවීම සැක සාංකා ඇතිවීමට ප්‍රධාන හේතුවයි. මෙම තොරතුරු ලබා ගැනීමට පක්ෂ නායකයින් මැතිවරණ කොමසාරිස් සමග සකච්ඡා කිරීමට වගබලා ගත යුතුයි. (නදී)
බොරුව, වෛරය හැරෙන්න වෙන මොනවද මේ ඡන්ද ව්‍යාපාරයේ තියෙන්න? (අ)