ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට කියා ඇතැයි ද පැවසුවේය. කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.
මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.
‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා මේ පාර වැඩ නිර්භීතව වැඩ කරනවා. (නි)
අනේ එතරම් දරුණු කෙනෙක් වෙන්න එපා. සොඳුරු මැ.කො. ට තමයි හැමෝම කැමති . (නි)
බන්දුල පෙරේරාට නම්,මැකෝගේ මේ නිර්භීත ප්‍රකාශය හිතට නොඅල්ලනු නොඅනුමානයි. (නි)
ජය වේවා මැකෝ! ඔන්න ඔහොම ඉන්නකෝ. මොනාටද හොරුන්ට දණහිසෙන් පහළට වෙඩි තියන්න කියන්නේ? මේ ඡන්දය අවසන්වෙද්දී ඔබට ආතතිය නම් හැදෙන්නේ නැතිවෙන්න කියලා සුබ පතනවා (නි)
මැතිවරණ කොමසාරිස්තුමා නීතිය නියම ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන යනකොට මෙතන අදහස් දාන සමහරුන්ට බොහොම හිතට අමාරුයි වගේ. (නි)
අම්මෝ! මේ වගේ කතා කියනවද? ''ඔලුවටම තියන්න කියලා''? (නි)
ඔබතුමා දැන්ම විශ්‍රාම එහෙම යන්න එපා. (නි)
පිටබැද්දර ජයා මහත්මයා, මම නම් බන්දුලව දැක්කා.මේ පිටුවේම, මේ වෙලාවේම අපිත් සමඟ අදෘශ්‍යමාන කෙනෙකු මෙන් පෙනීසිටිනවා. (නි)
පිටබැද්දර ජයා මහත්තය , ඔන්න ඔය ඔබට උත්තර දීලා තියෙන්නේ බන්දුල පෙරේරාගේ ප්‍රයිවට් සෙකට්‍රි, රත්නමලල නෝනා .(නදී)
පිටබැද්දර ජයා මහතා පසුගිය කාලයේ අනිල් රෝහණගේ ප්‍රතිචාර දැක්කද ? (නදී)
ඔලුවක් තියෙන කට්ටිය නෙවේනේ හොර ඡන්දෙ දාන්න එන්නේ. ඉතින් කොහොමද ඔලුවට තියන්නේ ? (නදී)
මැකෝගේ මේ නිර්භීත ප්‍රකාශයට අපගේ ප්‍රණාමය, පරමාදිපත්‍ය බලය කාටවත් වෙනස් කරන්න අයිතියක් නැහැ (නදී)
රාජ්‍ය සේවය අභිමානවත් කළ වසෙර් නිලධාරියා බවට ඔබතුමා ඉතිහාසගත වෙනවා, අාඩම්බරයි අපි හැෙමා්ටම අාදර්ශයක්. (ර)
බන්දුල පෙරේරා විවිධ නම් වලින් පසු ගිය මැතිවරණ ප්‍රචාරක සමයේ මෙතන හිටියා. එකම වෙනස ඔහු ලියන ටික කෙටියෙන් ලියල තිබුනේ. හෑලි ලිව්වොත් අහු වෙන නිසා. හැබැයි අදහස් ඉදිරිපත් කල හැටි දැක්කම හොඳට තේරෙනවා. (නදී)
ඉහලින් ඉන්න උදවිය වගකීමෙන් වැඩ කරනවා නම් මෙතුමාට ඔය විදියට කතා කරන්න වෙන්නේ නැහැ. අද චන්ද දායකයන් ඡන්දෙ දෙන්න යනකොටත් සමහරු කරන වැඩ හොද දේවල් නෙවෙයි. (නදී)
වගකීම් නැති කතාවක්. ඔලුවට වෙඩි තියන්න කියන එක බීෂණ කතාවක්. (නදී)
ඡන්දය කියන්නේ පුරවැසියෙකුගේ වැදගත්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එය නැතිකරන කෙනෙකුගේ ඔළුවට වෙඩිතැබීම නරකද? (නි)
ආරක්ෂක අංශයෙන් මේ ප්‍රකාශය කළා නම් අපේ හිතට ආඩම්බරයි. සෑම පුරවැසියෙකුගේම වගකීම සාධාරණව තම කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමයි.හොර ඡන්ද දමන්න ඉඩක් නැහැ, ඒ බාරව වැඩකරන ආරක්ෂක අංශයන් හා පුද්ගලයින් හරියට වැඩ කරනවා නම්. (නි)
බන්දුල පෙරේරා නොයෙක් නම් වලින් ලිවුවා. ඒත් දැන්? (නි)
හරියට හරි. අපගේ උත්තමාචාරය!!! (නි)
මෙවන් පිටකොඳු සහිත මිනිසුන් අපේ වගේ පොඩි රටකට මොනතරම් වටිනවාද? (නි)
බන්දුල පෙරේරා බඩු අහුරනවලු, 9 වෙනිදාට පසුව පිටරට දුපතකට යන්න. (නි)
පිටබැද්දර ජයා මහත්මයා,මම දැක්කා බන්දුල මහත්තය උදෙන්ම එක් කෙනෙකුට උදවු කරනවා (නි)
අනේ මන්දා! ඔහොමද කතා කරන්නේ? (නි)
මෙන්න නියම මනුස්සයෙක්. මාගේ හිස නමා උත්තමාචාරය ඔබතුමාට. (ස)
නියම කතාව! (නි)
මෙන්න නියම මනුස්සයෙක්. මාගේ හිස නමා උත්තමාචාරය ඔබතුමාට. (නි)
ඒ කිවුව විදියේ වැඩ කරන්න එන අයගේ ඔළුව කෙසේ වෙතත් මොළය නම් තියනවා ඇත්තේ කඳේ මොන හරියෙද කියලා අපිට තේරෙනවා (නි)
නියමයිනේ! (නි)
අපේ රාජ්‍ය නායකයින්ට නැහැනේ ඔය වගේ ගටක්. (නදී)
හරියටම හරි කොමසාරිස්තුමනි (නි)
හොර ඡන්ද දාන උදවිය විතරක් නෙමෙයි, සමහර නාලිකා වල බොරු ප්‍රචාර කළ අයත් නීතිය ඉදිරියට ගෙනෙන්න ඕනෑ නේද? (නි)
අපිට විශ්වාසකටයුතු ආරංචි එනවා තව තව දේවල් ගැන. සමහර දේවල් මෙතුමාට පැමිණිලි වෙන්නේත් නැතුව ඇති. ඔය හොර ඡන්ද දාන උදවියට දෙවියන්ගෙන්ම දඬුවම් ලැබෙන්න ඕනෑ. (නි)
ඔය බලය අපරාධකරුවන්ට,කුඩුකරුවන්ට පාවිච්චි කරන්න බැරිද? (නි)
අම්මෝ! මෙතුමා චණ්ඩියා වෙලානේ... (නි)
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
බන්දුල පෙරේරා කෙනෙක් අදින් පසු නැත. කුලිය ගන්නත් නඩු දන්නා වෙයි. (ස)
අද තමයි ඔබතුමාගේ කටින් නියම වචනය පිටවුණේ. අන්න හරි. හොර වැඩ කරන්න ආවොත් ඔළුවටම වෙඩි තියන්න ඕනෑ.ආයෙත් මොන කතාද? (නි)
සහතික ඇත්ත. ඔළුවටම තියන්න ඕනෑ. (නි)
මේ නීති මීටපෙර ඡන්ද වලදිත් තිබුණා නම් කොච්චර හොඳද? (නි)
මේ තත්ත්වයට රට ගෙනෙන්න මහන්සි වුණ සියලු දෙනාට මගේ ස්තුතිය. (නි)
අපි බලාපොරොත්තු වෙනවා බලයට එන පුද්ගලයා කිසිම පුද්ගලයෙකුට හිරිහැරයක් නොකිරීමට වගබලාගනීවි කියා.එහෙම නොකළොත් අපි ඊට විරුද්ධව පෙළගැසෙනවා. මැතිවරණයකින් පසුව පරාජය වුණ පුද්ගලයන්ට හිරිහැර කරන ක්‍රමය තුරන්කළ යුතුයි. (නි)
සියලුම රජ්‍ය නිලධාරීන් මෙම ආදර්ශය අනුව සේවය කළ යුතුය. (හේ)
අලුත් ලංකාවකට අවශ්‍ය මේ වගේ නිර්භීත නිලධාරීන්. ජයවේවා! (නි)
මෙම වගකීමක් සහිත ප්‍රකාශයක්ද පවසන්න. රාජ්‍ය නිලධාරියෙකු හැටියට ඔබ මෙවන් ප්‍රකාශයක් කිරීම අපිට කණගාටුවකි (නි)
අපේ හාමුදුරුවනේ!! (නි)
මීනිසෙකු ඝාතනය කිරීමට අණදීම නුසුදුසුයි නේද? (නි)
කවුරු දිනුවත් කවුරු පැරදුනත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපි ගොඩක් සතුටුයි. මැතිවරණ කොමසාරිස් මැතිතුමාට අපගේ ප්‍රණාමය! (නි)
ඔළුවට වෙඩි තියන්න කිව්ව එක නම් ටිකක් හරි මදි තමයි.(හේ)
අපිට ලෝකයේ ජීවත්වෙන්න මනුෂ්‍යයින් අවශ්‍යයි. හැමෝම එකතුවෙලා සාධාරන ඡන්දයක් අපේ කාලය තුළ බලාපොරොත්තු වෙමු (නි)
හිස නමා ඔබට ආචාර කරමි (නි)
නියමයි. ඔහොම තමා ඉන්න ඕනෑ (නි)
රජයේ නිලධාරියෙක් හැටියට මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. ඔහොම වුණාම මේවායින් තැළෙන්නේ අහිංසකයෝ විතරයි. (නි)
කාට කාටත් දැන් දැන් ඇත්ත තත්ත්වය තේරෙනවා වගෙයි (නි)
නීතිවිරෝධී වැඩ පාලනය කළයුතුයි. නමුත් එසේ කළයුත්තේ ඔලුවට වෙඩි තබා නොවෙයි. (නි)
අම්මෝ! අහනකොටත් බයයි මට නම් (නි)
රටේ නීතියක් නැති බවත්, ඒකට ප්‍රතිකර්මයක් හැටියට ඊටත් වඩා දරුණු විදියට අවනීතිය ක්‍රියාත්මක කළයුතු බවත් නොවේද මේ ඔප්පු වෙන්නේ??? (නි)
එක අතකට චණ්ඩින්ව හුරතල් කරන්නේ මොකටද, කකුල් දෙකෙන් පහළට වෙඩි තියලා. මැකෝ හරි (නි)
කොමසාරිස්තුමනි, ඔබට ජය! (නි)
ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් ඔලුවට වෙඩි තියන එකේ කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ.මොන පක්ෂයේ වුණත් කමක් නැහැ.ඔබතුමාගේ ප්‍රකාශයට මම සීයට සීයක් එකඟයි.හොර ඡන්ද දාන්න ඉඩක් තියෙනවා නම් ඡන්දෙ තියෙන එකේ වැඩක් නැහැ.මොනවටද එහෙම ඡන්ද? (නි)
ඒක හරි. නැත්නම් බලහත්කාරයෙන් පාලනයක් කවුරුහරි ගත්තොත් ඒකෙන් තව ජීවිත කීයක් නැතිවෙයිද දන්නේ නැහැ (නි)
කොමසාරිස්තුමාට ජයවේවා! (නි)
මහින්ද දේශප්‍රිය මැතිතුමාට අපේ ප්‍රණාමය! (නි)
ඔබ සාමය අගයන අප සැමගේ හිතේ හැමදා සිටීවි. (නි)
බන්දුල පෙරේරා දැක්ක කෙනෙක් එහෙම ඉන්නවද? සෑහෙන කාලෙකින් මේ මනුස්සයා ආවේ නැහැනේ. මැකෝ ගැන මෙයා මොනවා කියයිද කියලා දැනගන හරි ආසයි (නි)
රටේ නීතියට ඉහළින් ගිහින් චණ්ඩිකමින්, මැරකමින් අසාධාරණයෙන් එනවා නම්, මෙහෙම තමයි කරන්න ඕනෑ. මැකෝ නිවැරදියි. (නි)
මට මතක් වෙනවා 1989 ඡන්දෙදි දැන් සාධාරන මැතිවරණයක් ගැන කතා කරන සමහරු කළ කී දේවල් (නි)