IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිරේ ගිය රියදුරා එළියේ

රියදුරු බලපත්‍රය ළඟ නොමැතිව හා බීමත්ව රිය පැදවූ මාතර නාවිමන එල් ප්‍රදීප්ට(27) රුපියල් නව දහසක දඩයක් ද, බරපතල වැඩ සහිත දෙමාසයක සිර දඬුවමක් ද මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා නියම කර තිබිය දී දඩය පමණක් ගෙවා ඔහු එළියට පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් පවත්වන බව මාතර බන්ධනාගාරය කියයි.

මේ ගැන එසැණ අධිකරණයෙන් විමසූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ බන්ධනාගාර නිලධරයන්ගේ අතපසු වීමකින් ඔහු මුදා හැර ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා බන්ධනාගාරය ඔහු සොයා ගිය නමුත් සොයා ගත නොහැකි විය.

 

 



අදහස් (0)

හිරේ ගිය රියදුරා එළියේ

උපාලි Friday, 22 August 2014 02:58 AM

සුදෙල්මි, ඔබ "රටම දන්නා එක්කෙනෙක් නිදැල්ලේ" කිව්වාම මං මේ කල්පනා කලේ අර හාර පන් දාහෙන් කොයි එක්කෙනාද එයා කියලයි. (නදී)

:       0       0

චින්තක Friday, 22 August 2014 03:44 AM

බන්දනාගාර නිලදාරීන් පත්වෙලා ඉන්න තත්වය නම් බල්ලන්ටත් අන්තයි. වෙන කිව යුතු දෙයක් නැත. (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 August 2014 12:45 PM

ලංකාවේ නීතියට ගිය කලක් ! (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 21 August 2014 12:54 PM

අතපසුවීමක්ද? නැතහොත් ඉහළ බලපෑමක්ද? (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 21 August 2014 12:57 PM

මේක මට නම් හාස්‍යජනක කතාවක් වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:58 PM

මිනිහා දැන් පියාඹලත් ඇද්ද දන්නෙ නැහැ කොහේට හරි ! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 21 August 2014 03:00 PM

මෙයාලට මෙහෙම වරදින්න ගියොත් හොදට හිටීවි, (අ)

:       0       0

ලක්මාල් Friday, 22 August 2014 06:33 AM

මෙහෙම අතපසු වීම් සිදුවිය හැකිද? එම බන්දනාගාර නිලදාරීන් තාම වැඩද?(නදී)

:       0       0

රූපවතී Thursday, 21 August 2014 04:11 PM

ඒ අතපසු උන සේරමලා ගෙදර යවල රැකියාවට අලුතින් සේවකයින් බදවා ගත්තානම් අපුරුයි. හොද පාඩමක් සේම දඩුවම හරියට ගැලපෙනවා. (නදී)

:       0       0

ලංකා Thursday, 21 August 2014 06:37 PM

ලංකාවේ නීතිය ගැන දන්නෝ දනිති! (නි)

:       0       0

සුදෙල්මි Thursday, 21 August 2014 08:38 PM

රටම දන්නා තව කෙනෙකුත් නිදැල්ලේ ඉන්නේ මෙහෙම කරලා අනේ රටේ නීතිය (ස)

:       0       0

කාන්තිලතා Friday, 22 August 2014 12:15 AM

මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)

:       0       0

රෝහණ Friday, 22 August 2014 01:24 AM

මට හිතෙන විදියට නම් අපේ අති ගරු තුමාගේ චක් ගෝලයෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 01:37 AM

නිසි බලධාරියාගේ කඩුවෙන් සත්‍යයේ ගෙළ මුලින්ම සිඳ දමා ඇත. මාධ්‍ය නිදහසට ජය වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site