ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජර්මනිය බලා යාමට උත්සහ කළ ඉරාන ජාතික පියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ ගමන අත් හිටුවා ඔවුහු ආපසු හරවා ඉරානයටම යැවීමට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු සමත් වුහ.
මෙම ඉරාන ජාතිකයා 50 හැවිරිදි වියේ පසුවන අතර දරුවෝ 26,21 සහ 11 හැවිරිදිය.
මොවුහු පසුගිය 27 වෙනිදා දිවයිනට පැමිණ ඇත්තේ බල්ගේරියානු ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් බව අනාවරණය වී ඇත.
පසුව ඊයේ යළි ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 554 දරණ ගුවන් යානයෙන් ජර්මනියේ ප්‍රැන්ක්ෆට් නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ඔවුන් භාවිතා කරනුයේ ව්‍යාජ බල්ගේරියානු ගුවන් ගමන් බලපතක් බව ආගමන විගමන නිලධාරීහු අනාවරණය කරගෙන ඇත.
ඔවුන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔවුනගේ නීත්‍යානුකූල ඉරාන ගුවන් ගමන් බලපත්‍රද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකාව, ආපහු මේ පවුල ඉරාණයට යවපු එක නම් හොඳ නැහැ. ජර්මනියේ ප්‍රැන්ක්ෆට් නුවරට යාම කොහොම වෙතත්, ඔලු 4 ඉරාණයේ තියාගෙන, ඉරාණ බලධාරීන් විසින් සමහරවිට මේ අය මෙලාකටත් වෙන කොහාට හරි යවල ඇති..(අ)
හොර ගමන් කෙටි ගමන් වෙනවාමයි (නි)
ලංකාව ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වෙලා වගේ (නි)
ඉරාන කට්ටියත් අපි වගේමයි . බල පත්‍ර දෙකක් තියෙනවා . මේක අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් . ඒගොල්ලෝ රෝහලට යවන්න තිබුනේ (බ)
ඉරාන කට්ටියත් අපි වගේමයි . බලපත්‍ර දෙකක් තියෙනවා . මේක අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් . ඒගොල්ලෝ රෝහලට යවන්න තිබුනේ (බ)
එහෙ යන්න හැදුවේ මොකටද දන්නෙ නැහැ. යනකොට යන්නේ කියන විදියට ඉන්නම් සර් කියාගෙන.ටික කලක් යද්දිනෙ බලන්න ඕනෑ... (නි)