IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරා කැවිලි කයි , ලාච්චුවේ සල්ලිත් විසි කරයි

මහියංගනය  නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාගෙන තිබු  හොරා පැය 1 1/2 කඩේ රැඳී සිට ඇත. දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කළේ කෙසේද යන්න පිළිබඳ වෙළෙදසලේ හිමිකරුට ගැටලුවක් විය. පසුව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු සොරා පහසුවෙන්ම හඳුනා ගත හැකිවිය.

ඒ සොරා නගරයේ නිතර ගැවසෙන රිළවෙකි. රසකැවිලි කා පිරිසිදු පානීය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සීසීකඩ විසි කර ඇත. අලුයම හිමිකරුවන් පැමිණිමට පෙර පැය 1 1/2ක් පමණ ඒ තුළ රැඳී සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙඳ සේවකයන් වෙළඳසල විවෘත කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.

RILA-HORAKAMA-(2) RILA-HORAKAMA-(3) RILA-HORAKAMA-(6) RILA-HORAKAMA-(7)

RILA-HORAKAMA-(22)

 

 



අදහස් (0)

හොරා කැවිලි කයි , ලාච්චුවේ සල්ලිත් විසි කරයි

ගයාන් Friday, 26 September 2014 01:49 PM

වඳුරට පින්සිද්ධ වෙන්න කඩයටත් නොමිලෙම ප්‍රසිද්ධියක් ලැබුනා... (නි)

:       0       0

සංජිව Friday, 26 September 2014 03:38 PM

මොකද්ද ඔබ තුමා බලා පොරොත්තු වෙන්නේ මේ අභියෝගය කරලා (දී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 09:52 AM

අනේ අනේ රිලවෝ...හොරකමක්වත් හරියට කරන්න බැරි හැටි...

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 09:55 AM

අනේ අනේ රිලවෝ , හරියට හොරකමක්වත් කරන්න බැරි හැටි...

:       0       0

ඇන්තනි Saturday, 27 September 2014 05:57 PM

කකුල් දෙකේ අය කරපු දේවල් ටී වී එකෙන් දැකපු රිලවෙක් වෙන්න ඇති (දී)

:       0       0

කාන්ති Friday, 26 September 2014 11:30 AM

නීතියෙන් උපරිම දඩුවම් ලබා දෙන්න. මොකද මෙයාට දේශපාලන සම්බන්දකම් එහෙම නැහැනේ (දී)

:       0       0

ශ්‍රීමාන් Friday, 26 September 2014 11:33 PM

කකුල් හතරේ වඳුරා නිසා ප්‍රශ්නයක් නැහැ. දෙකේ කෙනෙක් වුණා නම්...? (නි)

:       0       0

කසුන් Friday, 26 September 2014 12:19 PM

මෙතන බරපතල ලෙස නීතිය බිඳ වැටී තිබෙනවා.තරාතිරම නොබලා සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

ප්‍රියදර්ශනී Sunday, 28 September 2014 03:31 AM

වදුරත් නරක වෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site