මහියංගනය නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාගෙන තිබු හොරා පැය 1 1/2 කඩේ රැඳී සිට ඇත. දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කළේ කෙසේද යන්න පිළිබඳ වෙළෙදසලේ හිමිකරුට ගැටලුවක් විය. පසුව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු සොරා පහසුවෙන්ම හඳුනා ගත හැකිවිය.
ඒ සොරා නගරයේ නිතර ගැවසෙන රිළවෙකි. රසකැවිලි කා පිරිසිදු පානීය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සීසීකඩ විසි කර ඇත. අලුයම හිමිකරුවන් පැමිණිමට පෙර පැය 1 1/2ක් පමණ ඒ තුළ රැඳී සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙඳ සේවකයන් වෙළඳසල විවෘත කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරට පින්සිද්ධ වෙන්න කඩයටත් නොමිලෙම ප්‍රසිද්ධියක් ලැබුනා... (නි)
මොකද්ද ඔබ තුමා බලා පොරොත්තු වෙන්නේ මේ අභියෝගය කරලා (දී)
අනේ අනේ රිලවෝ...හොරකමක්වත් හරියට කරන්න බැරි හැටි...
අනේ අනේ රිලවෝ , හරියට හොරකමක්වත් කරන්න බැරි හැටි...
කකුල් දෙකේ අය කරපු දේවල් ටී වී එකෙන් දැකපු රිලවෙක් වෙන්න ඇති (දී)
නීතියෙන් උපරිම දඩුවම් ලබා දෙන්න. මොකද මෙයාට දේශපාලන සම්බන්දකම් එහෙම නැහැනේ (දී)
කකුල් හතරේ වඳුරා නිසා ප්‍රශ්නයක් නැහැ. දෙකේ කෙනෙක් වුණා නම්...? (නි)
මෙතන බරපතල ලෙස නීතිය බිඳ වැටී තිබෙනවා.තරාතිරම නොබලා සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්න (නි)
වදුරත් නරක වෙලා (දී)