ඇඟට හිරවූ කලිසමකින් සැරසී ආ සිසුවකුගේ කලිසම කැපූ ශිෂ්‍ය නායකයකු ඔහු ගෙදර යැවීයැයි උරණවූ ඔහුගේ සහෝදරයකු වන ආදි ශිෂ්‍යයකු විදුහල්පතිට තර්ජනය කළැයි කොට්ටාව පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයකින් තොරව හැසිරෙන්නේ පාසල් ළමුන්ද වැඩිහිටියෝද කියන දෙය සමාජය දිහා බැලුවම පැහැදිලියි. හැදෙන වයසේ ළමුන්ගේ කලිසම් හෝ කමිස මාස කීපයක් ඇතුලතදී හිරවීම සාමාන්‍ය දෙයක්. (ර)
ශිෂ්‍ය නායකයා යයි කියන අධම සිසුවා අනෙක් සිසුවා ගෙන් දන ගසා සමාව ගත යුතුයි. නායකත්වයකට නුසුදුසු නිචයෙක්. මෝඩයා විදුහල්පතිගෙන් ලකුණු ගන්න හිතන්න ඇති. මෝඩයෙක්!! (බ)
අපි පාසැල් යන කාලෙ මේවගෙ ප්‍රශ්න තිබුනෙ නැහැ. තියෙන කබල් කලිසම් කොටයක් ඇදගෙන යනවා. ගුරුවරු ඉගෙනීම ගැන මිසක් ඇදුම ගැන හොයන්න ගියෙ නැහැ.අද සමාජ විපර්යාසයත් එක්ක හැම දේකටම සීමාවක් නැතිවෙලා.නිල ඇදුම් රජයෙන් දෙන නිසා පළමුවෙන්ම දෙමාපියන් දැනුවත් කරන්න තමයි තිබුනෙ. (බ)
රස්තියාදු කාරයින්ග් ළමයිද ? (නදී)
ඔය වගේ දෙයක් මට හෝ පාසලේ වෙනත් ශිෂ්‍යයකුට කළා නම් ඕකගේ කන් දෙකම පලනවා ආයේ දෙකක් නැහැ. වැරද්දක් තිබුන නම්, විදුහල්පතිට හෝ ගුරුවරයෙකුට දැනුම් දෙන්න තිබුනනේ. ළමයෙකුට දඬුවම් දෙන්න ශිෂ්‍ය නායකයෙකුට පුලුවන්ද? (බ)
මෙහෙම අය තමයි යම් විදිහකින් විශ්ව විද්ද්‍යාලයට තේරුනොත්, එතැනදී නවක වාදය දෙන්න පෙළඹෙන්නේ. (ර)
සිසු නායකයා ඔලුව උදුම්මාගෙන වගෙයි. තමන් ලොකු මිනිහෙක් කියලා හිතාගෙන පාසලේදී පොලිස් රාළහාමිගේ භූමිකාව කරන්න ඇති. (නි)
ඔය වයසට ඔහොම තමයි රැඩිකල් අදහස්නේ. මමත් ඉස්කෝලේ යද්දී කොන්ඩේ වැව්වා, හිර කලිසම් ඇන්දා (නදී)
කව්රු මොනවා කිව්වත් පාසැල් යන ශිෂ්‍යයෙක් වශයෙන් තමන්ගේ නිල අැදුම ඊට ගෞරවයක් ලැබෙන පරිදි සකස් කර ගැනීම කළ යුතුයි (නදී)
ශිෂ්‍ය නායකයා ඇඟිල්ලේ තරමට නෙමෙයි වගේ ඉදිමිලා තියෙන්නේ. ඔක්කොටම ඉස්සර වෙලා තමන්ගේ පරපුරේ අයට ගරු කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනා. අපි පාසල් ගිය කලේ ඔහොම කලා නම් මම කරන්නෙත් අර මාලන් කරන දේම තමයි. (ර)
ශිෂ්‍ය නායකයා නොසන්ඩාල වැඩක්නේ මෙතන කරලා තියෙන්නේ. කාගේ හයිය අරගෙනද මෙහෙම ළමයින්ගේ කලිසම් කපල තියෙන්නේ. සිසු නායකයාගේ පවුල් පසුබිම ගැන හොයා බලන්න ඕනා. (ර)
මෙවැනි සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ පාසලක විනය ඇදුමින් මැනපු යුගය තවම ගෙවී නැති බවද? එසේ නොමැති නම් ගුරැවරුන්ගෙ වගකීම ශිෂ්‍ය නායකයන් මත පැටවීමක් ද? (ර)
ශිෂ්‍ය නායකයාට ගහන්නේ නැතුව ඒ ගැන කතා කරන්න ඒමම ඇත්තෙන්ම අගය කළයුතුයි. (නි)
ඇඳුම් කැපීම ගැන සහජ හැකියාවක් ඇති බව පෙනේ. (ර)
පාසල් විනය රකින්න බැරිනම් ඔය ඕන තරම් තියෙන්නේ ජාතියන්තර පාසල් ඒවායේ තමන්ට කැමති විදියට අදින්න පළදින්න නිදහස තියනවා එතකොට අනිත් දරුවන් හරි හරියට හදාගෙන පාසල් පවත්වාගෙන යන්න විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට හැකිවෙනවා (බ)
පාසලෙත් පාතාලයද (බ)
කාටවත් කාගේවත් ඇඳුම් කපන්න ඇඳුම් ලිහන්න අයිතියක් නෑ. ඇඳුම සුදුසු නැත්තන් පාසලින් පිටත් කර හරින්න ඕනේ පාසල් කාලය ඉවර වෙන තෙක් පාසල් කාර්යාලයේ තබන්. (බ)
ලංකාවේ ඉස්කෝල වලට ගිය කලක් . හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල කියමනක් තියෙනවනේ (බ)
හිර කලිසම කපන්න තරම් ඔය කියන ශිෂ්‍ය නායකයට තියන අයිතිය මොකක්ද? මේ සිදුවීමට විදුහල්පති වග කියන්න ඕන තමයි. අනික මේ කාලයේ කවුරුත් බෙල් බොටම් අඳින්නේ නැහැනේ. සරල විලාසිතාවක් කරන්න වත් ලංකික ශිෂ්‍ය පරපුරට අයිතියක් නැද්ද? යල්පැනගිය පුහු ආකල්ප හිස මත තබා ගනිමින් කොතරම් ඉගෙන ගත්තත් පලක් නැහැ. රටට නම් සේවයක් සිදුවෙන්නේ නැහැ. පුහු මාන්නය හා උද්දච්ච කම විතරයි පිළිඹිබු වෙන්නේ.(දිල්)
විනය නැතිනම් ළමයින්ට හැදෙන්න පුළුවන්ද (දිල්)