IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


හොර ඔප්පුවෙන් ලක්ෂ 25ක කුඹුක් දැව අදින්න හදලා

පලාගල දොළ රක්ෂිතයක ඉඩමකට ව්‍යාජ ඔප්පු සහ පිඹුරුපත් සකසා රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා කුඹුක්ගස් කපා විකිණූ බව කියන මහ මොළකරුවකු ඇතුළු හය දෙනෙක් අනුරාධපුර දිසාවන කාර්යාලයයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉඩම තමන්ට අයත් යැයි ව්‍යාජ ඔප්පු සකසා ගත් තැනැත්තෙක් ද ඒ අතර සිටියි.

දේවහුව වාරිමාර්ග ව්‍යාපාරයට 1950 දී රජයට පවරාගත් ඉඩම් කට්ටියක අයිතිය පරම්පරාවෙන් තමන්ට පැවරුණු බවට පැරණි ඔප්පුවක් සහ ප්‍රකාශිත ඔප්පු ඉදිරිපත් කර දැව ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට අනුරාධපුර දිසා වන කාර්යාලයට ඉල්ලුම් කළ අවස්ථාවේ ලේඛන පිරික්සීමේ දී මෙම වංචාව හෙලි කරගෙන ඇත.

බෝධිය බදුගේ නොයෙල් ලක්සිරි ප්‍රනාන්දු, වලකඩවත්තේ ගෙදර නිහාල් විජේසිංහ, රණසිංහ ආරච්චිගේ චන්දන රෝහිත රණසිංහ, දිසානායක මුදියන්සේලාගේ සරත් කුමාර යන දැව පටවමින් සිටි අයට ද, එම් ආර් සිරිසේන නම් ව්‍යාජ ඔප්පු සහ පිඹුරුපතේ හිමිරු ද , දැව ප්‍රවාහනයේ මෙහෙයුම්කරු වූ ඩ් ඩී ඩග්ලස් එඩ්ගා ද රුපියල් පහළොස් දහස බැගින් වූ ඇප මත කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය විසින් මුදා හරිනු ලැබූහ.



අදහස් (0)

හොර ඔප්පුවෙන් ලක්ෂ 25ක කුඹුක් දැව අදින්න හදලා

ලක්ෂපාන Sunday, 06 July 2014 09:36 PM

අැසල, අන්වාර්යයෙන් ඇති ඒ උනාට එයාලව අල්ලන්න සක්කරයටවත් බැහැ.(නදී)

:       0       0

ඇසළ Sunday, 06 July 2014 04:30 PM

ඔය අතරේ පලා බබෙක් ගෑවිලාවත් නැද්ද? එහෙම නැතුව මේ වගේ වැඩ කරන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1518 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1662 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 441 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site