එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැබෑ අයිතිකරු වන ලන්ඩනයේ පදිංචි දොස්තර බබාපුල්ලේ මහතා පැමිණිලි කර ඇත්තේ පර්චස් 14ක් වන තම ඉඩම හොර ඔප්පුවක් මගින් විකුණා ඇති බවයි.
පියා පුතුන් දෙදෙනා , ලේලියක හා බ්‍රෝකර් වරයෙක් මේ පිරිසට අයත් වෙති.
විවියන් රුද්‍රිගු, ප්‍රසන්න රුද්‍රිගු, ධම්මික රුද්‍රිගු, චින්තා රුද්‍රිගු හා ඊයේ අමරසිරි රිමාන්ඩ් කරනු ලැබූ අය වෙති.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි
සත්‍යා Tuesday, 01 July 2014 08:11 PM
ජනතාව ප්‍රායෝගිකව මේ කරන්නේ කවුරුන් දුන් ආදර්ශයද කියලා අපි නම් දන්නවා (නි)
බිමල් Tuesday, 01 July 2014 08:44 PM
එහෙනම් ඉතින් අපි නිවාඩුවට ලංකාවට එනකොට මහගෙදර වෙනුවට හෝටලයක් එතන තිබේවිද දන්නේ නැහැ (නි)
ගිහාන් Tuesday, 01 July 2014 08:51 PM
පිටරට උදවිය තම තමන්ගේ දේපල ප්‍රවේශම් කරගන්න. (නි)
ඉසුරන්දි Wednesday, 02 July 2014 10:54 AM
වෙන්දේසි ඉඩම් ගනිද්දී හොඳට හොයල බලල ගන්න. මොකද එකම ඉඩම හත් අට දෙනෙකුට විකුණලා අන්තිමට බලද්දී තමන්ගේ නමට ඔප්පුව ලියලද කියල කච්චේරියකට ගිහින් බලාගන්න. එහෙම උනොත් කාටවත් හොර බොරුවක් කරන්න බැහැ. (ස)
හසිත් Tuesday, 01 July 2014 10:22 PM
ඔන්න පේනවා නේද හොරවැඩ වල තරම? (නි)
අර්ෂා Wednesday, 02 July 2014 07:08 PM
මහේස්ත්‍රාත්තුමාට මාගේ ප්‍රණාමය!වංචාකාරයින්ව ලෙහෙසියෙන් අතාරින්න එපා. දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න. මෙවැනි වැරදි කරන සමාජයේ ඉන්න අනෙක් අයටත් මෙය හොඳ පාඩමක් වේවි (නි)
චමින්ද Wednesday, 02 July 2014 01:41 AM
පිටරට ජීවත්වෙන,ලංකාවේ ඉඩකඩම් තිබෙන අය බොහොම ප්‍රවේශම් විය යුතු කාලයක් මේක. ලංකාවට ගිහිල්ලා බලනකොට තමුන්ගේ ඉඩමේ වෙන මිනිසුන් ගෙවලුත් හදලා. (නි)
ලුම්බිණි Wednesday, 02 July 2014 05:48 AM
පිටරට ඉන්න මිනිසුන්ගේ දේපොළ මංකොල්ලකන එක දැන් බොහොමයක් දෙනා කරන එකක්. කාට කියන්නද? (නි)
සේකර Tuesday, 01 July 2014 06:41 PM
අපේ ඉඩම් වලට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
ද සිල්වා Tuesday, 01 July 2014 06:45 PM
සේකර,මමත් ඒකම තමා මෙය කල්පනා කෙරුවේ,ඉක්මනට ලංකාවට ගිහින් බලන්න ඕනේ, දැන් අපි අපිවම විකුණන කාලයක්නෙ (දී)
කුෂි Tuesday, 01 July 2014 06:46 PM
පවුලම එකතු වෙලා හොරකම් කරන එක හොදයි (දී)