මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාදඩ දේශපාලඥයන්ට නාමයෝජනා දෙන කිසිම පක්ෂයක් සමග එක්ව කටයුතු නොකරනබව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ මිරිගම දී කීහ.
පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් හිමියෝ මී බව ප්‍රකාශ කළහ.
‘‘ බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ මේ රටට නායකත්වය දුන්නේ සේනානායකලා, බණ්ඩාරනායකලා වගේ ඉඩම් හිමි ප්‍රභූවරු. නමුත් මනාප ක්‍රමයෙන් ලංකාවේ විශාල වෙනසක් ඇතිවුණා. මේ නිසා පාර්ලිමේන්තුවට ගියේ බලයයි, සල්ලියි තියෙන අය විතරයි. මේ ක්‍රමයෙන් පැරදුණු අයත් පාර්ලිමේන්තුවට ගියා. මනාප ක්‍රමයෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණත් ලොකු පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගියේ සල්ලි තියෙන කෙරුම්කාරයන් විතරයි. බාර්දාගෙන, එන්.ජී.ඕ. සමග එකතුවෙලා, කුඩු බිස්නස් කරලා එහෙමත් නැත්නම් දේශපාලනයෙන් කොරකම් කරලා තක්කඩි දේශපාලනයේ නිරතවෙමින් සල්ලිකාරයන් වෙච්ච අය පාර්ලිමේන්තු යන මේ ක්‍රමය වෙනස් කරනන් ඕනෑ. පසුගිය කාලේ දූෂිත මැති ඇමතිවුරු, වැඩක් නොකළ අය ඉවත් කිැරීම අවස්ථාව ඉදිරියේ දී ජනතාවට ලැබෙනවා.
එක්සත් ජාතික පක්ෂයත් වැඩ කරන්නේ මේ විස්ස සම්මත නොවන තැනට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නේ නැහැ තම පක්ෂය පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ බව. අපි වැඩකරන්නේ හෙළ උරුමේ විදියට හිතලා නොවෙයි. රටේ ආණ්ඩුක්‍රමයේ වෙනසක් ඇතිකරන පුළුල් ජාතික බලවේගයක් ලෙස. මේ වෙනුවේන අපි පෙනී සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ සිදු කරන්නේ සාමාන්‍ය ජනාය සංසාර දුකෙන් මුදවා ගැනීම නොවෙයි. (නදී)
ඔබ වහන්සේගේ ගැන අපි දැන් දන්නවා. එකහින්ද ඔව්වට අපි අහුවෙන්නේ නැ (ම)
මොකද්ද ඉලක්කය.? කා ගැනද මේ කියන්නේ.? කවුද පාර්ලිමේන්තුවට යවන්න ඕන.? "පුළුල් ජාතික බලවේගයක්"ය කියලා කීවට හෙළ උරුමයට සහ එහි සාමාජිකන්ව පසුගිය මැතිවරණයෙන් පසු රටේ ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති බව දන්නවා නේද.? ඒක නිසාම අපි හෙළ උරුමය විදිහට කියනවා නෙවෙයි කියලා කියනවා. කොහොම උනත් මහජනයා දන්නවා මහින්ද භීතිකාවකින් බොහෝ දෙනෙක් පෙලෙන බව. ඒ වගේම මහජනතාව පහුගිය ඡන්දෙන් පස්සේ ලද ප්‍රතිපලයෙන් වේදිකාවල හාමුරුවරු ඇතුළු මුසා බස් දොඩන පිරිස් කියන දේවල් පට්ටපල් පච බව දැන් දැනගෙන හමාරයි. ඒ නිසා මැතිවරණය සහ එහි ප්‍රතිපල දැනටමත් මහනජයා දන්නවා. වෙනසක් කියලා පත් කරගත් නායකයා සේරම කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විරුද්ධවාදියාට පවරලා අහක බලාන ඉන්නවා. එකෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් අතරමන් උනා. (බ)
කිසිම කෙනෙකුට වැඩක් කරන්ට දෙන්නේ නැහැ. ලෙඩ දානවා. (බ)
දැන් ඔක්කොම හොරු. හොරු කරන්නේ අනිත් අයට හොරු ලෙස ඇගිලි දිගු කරමින් සිටීම පමණි. අපිට කවුද හොරු සහ හොරු නොවෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. සමාජයේ දියුණුවයි වැදගත්. දැන් ප්‍රයෝගිකව වැදගත් දෙයක් කතා කරන්න කෙනෙක් නැහැ. කිසිම වැදගත් සංවාදයක් කරන්නේ නැහැ සමාජයේ දියුණුවට හේතු වෙන.(බ)
ඉන්න හවුලේ හොරු නැද්ද? (බ)
දැන් ඉන්නේ පිවිතුරු අයත් එක්කද? (හේ)
කියන දේ වෙන්නේ නෑ කවදාවත්ම.(හේ)
නව යහපාල කෙනෙක්, සාදරයෙන් පිළිගනිමු. (හේ)
ලබන ඡන්දෙන් පස්සේ මෙයාලට බණක් දහමක් කරගෙන ඉන්නයි වෙන්නේ (බ)
මහජනතාව ඔහේලව ගන්න ඉඩ තියන එකකුත් නැහැ (නදී)
මොකද පාර්ලමේන්තුව ව්සුරවන්නේ නැත්තේ (නදී)
මහින්ද පරද්දන්න ඔබ වහන්සේලාට පුළුවන් උනා. ඉතිරි හොරු ටිකත් පරද්දල රට ගොඩගන්න උදව් කරන්න. නිවන් දකින්න පුළුවන් වෙන්නේ රට තිබුනොත් විතරයි. (නදී)
ඔබගේ පට්ටපල් බොරු ජනතාව මින් ඉදිරියට පිළිගන්නේ නැහැ.වෛරී දේශපාලනයේ හවුලේ ගැත්තෙකු වීම පාපයක් (බ)
ඊළඟ ඡන්දෙන් පස්සේ නිකම්ම නිවන් දකින්න පුළුවන්. බුදු දහම අනුව සාසනයට වැඩක් කරගෙන යන එන තැනකට පෙර පිනක් කරගෙන ඉන්න. නිකන් පව් පුරවන්නේ නැතුව දේශපාලනේ කරන්න ඇවිත්.(බ)
අනේ මගේ කට බොහොම අමාරුවෙන් වහගෙන ඉන්නේ. අපි දැන් හොදටම දන්නවා හැමෝගෙම කෙරුවාව. (නදී)
මතකනැද්ද බෙන්ස් කාර් විකුණලා පර්මිට් එකට ගත්තු නිකන් සවුත්තු වෙලා ගියා .ඕගොල්ලෝ කියල අමුතු කට්ටියක් නෙවෙයි නේ (බ)
හොරු හොරු මේවා දැන් නිතර ඇහෙන කතා මේ සේරම මඩ දේශපාලන වාසි කතා (නදී)