අපරාධ ස්ථාන වල ගැවසෙන මදුරුවන් ඩී එන් ඒ තාක්ෂණයට යොදාගෙන එමගින් අපරාධකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් හදුන්වා දීමට ජින්ටෙක් ආයතනය සමත්වු බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවසීය.
ශ්‍රි ලංකාවේ මෙවන් හදුන්වාදිමක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මදුරුවෙකු පුද්ගලයකුට දෂ්ඨ කර පැය විසි හතරක් ඇතුළතදී සාර්ථක ප්‍රතිළුල ලබාගැනිමට හැකිවෙයි.ඊට වඩා වැඩි කාලයක් ගතවුන පසුත් සාර්ථක ප්‍රතිළුල ලබාගැනිමට හැකියාවක් තිබේදැයි යන්න පිළීබඳව සොයා බැලීමේ පරික්ෂණ ජින්ටෙක් ආයතනය සිදු කරගෙන යයි.
මදුරුවා මිය ගොස් සිටියද ඒ පරියේෂණ කටයුතුවලට එය බාධාවක් නොවන බවත් පර්යේෂණ අංශ සඳහන් කරයි.
මදුරුවෙකු පුද්ගලයෙකුට දෂ්ඨ කිරිමේදි එම පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනිමට හැකි බව ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සඳහන් කළේය.
යුරෝපීය රටවල මේ සම්බන්ධව පර්යේෂණ පවත්වා එහි සාර්ථකත්වය ලබාගෙන ඇත. මදුරුවන් බහුලව ගැවසෙන්නේ ඝර්ම කලාපීය රටවලය.
යුරෝපිය රටවල වෙසෙන මදුරුවන් හා සර්ව කලාපිය රටවල වෙසෙන මදුරුවන් අතර විශාල ලෙස වෙනස්කම් පවති. එම නිසා ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට පර්යේෂණ සිදුකර එහි ප්‍රතිළුල යොදාගත් බවත් ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට මදුරුවත් ප්‍රයෝජනවත් සත්වයෙක්නේ (දිල්)
එහෙනම් බෝ කරමු නේද ?(හේ)