අලි-ඇතුන් ලියා පදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් නැති අලි පැටවුන් අට දෙනකු මධ්‍යම පළාතේ රජයට සම්බන්ධ ප්‍රභූන් බාරයේ සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

පසුගිය දා මාතලේ දී පිටි ලොරියක සඳහා රැගෙන යමින් සිටි අලි පැටවකු සොයා ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වූ බව එම ආරංචි සඳහන් කරයි.