දඹුල්ල කළුන්දෑවේ අටක පමණ විශාල අඹ වත්තක රුපියල් ලක්ෂ තුනක පමණ අඹ හොරෙන් කඩාගෙන ලොරියක පටවාගෙන ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ වර්ගයේ අඹ ගෙඩියක සිල්ලර මිල රුපියල් 150ක් 200ක් වේ. කිලෝවක තොග මිල රුපියල් 300කි.
අඹ මිලට ගැනීමට ආ බව කියන පුද්ගලයාද සොයන බව පොලිසිය කියයි.
ටී.ජේ.සී යනුවෙන් හැඳින්වෙන මෙම වර්ගයේ අඹ ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් බර බවත් ඕස්ට්‍රේලියාවෙන්, ෆ්ලොරිඩාවෙන් හෝ මලයාසියාවෙන් අසූව දශකයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට ඇති බවත් කියති. මෙම අඹ ටී.ජේ.සී යනුවෙන් 2003 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි කර ඇති බවත් දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විනාස වෙන්න දෙන්න එපා...නඩුව ඉවර වෙනකම් මේ අඹ තියාගත්තොත් මේවා නරක වෙනවා....මේවා මිලකට විකුණලා ..අසරණ ළමයින්ට එ් මුදල් වලින් පොත් පත් අරන් දුන්නොත් වටිනවා (කෞ)
ටී.ජේ සී. කියන්නේ ටොම්,ජුවාන්.කාලෝස් යන නම් තුන මුලික කරගෙන .ටොම් එල්ලාවල ශ්‍රී ලාංකිකයා සහ ජුවාන් කාර්ලොස් යන පිලිපීන ජාතික කෘෂි විශේෂඥයා විසින් මෙම අඹ වර්ගය සොයාගෙන ඇත. එ්ත් මෙතන ප්‍රශ්නය ඇත්තේ අඹ වර්ගයේ නොවෙයි. සොරකමයි. (බ)
මුන්ව අල්ලලා කොටදෙණියාව පොලිසියට බාරදෙන්න තියෙන්නේ (බ)
මේ තරම් අඹ තොගයක් හොරෙන් කඩන කම් කව්රුත්ම දැකලා නැති එක තමයි පුදුමේ (බ)
කුමාර් (ගල්ෆ් ) ඔබ හරි, මේ අති විශේෂ අඹ වර්ගය අභිජනනයකොට හඳුන්වාදෙනු ලැබුවේ, එල්ලාවල කෘෂි නිෂ්පාදන ආයතනයේ සභාපති ටොම් එල්ලාවල මහතායි. ටි ඊ ජේ සි යන අකුරු හතර ලැබුනේ ...ටි = ටොම්, ඊ = එල්ලාවල කෘෂිනිෂ්පාදන, ජේ සි ලැබුනේ, අභාවප්‍රාප්ත ආචාර්ය. ජුවන් කාර්ලොස් නමැති පිලිපීන ජාතික කෘෂි විද්‍යාඥයා ගේ නමේ මුල් අකුරුවලින්.මේ ආයතනයට නව අඹ විශේෂයන් හඳුනාගෙන, නවිනතක්ෂණයෙන් ඒවා දියුණුකර හඳුන්වාදෙන්නට අවශ්‍ය උපදෙස් ලැබුනේ මේ ජුවන් කාර්ලොස් නම් විද්‍යාඥයා ගෙනි. අක්කර 140 කින් සමන්විත " රජරට ෆාම් " නමින් හඳුන්වන මහවැලි කලාපයේ ඇති මේ නවීන කෘෂි වගා බිමෙන්,නොයෙකුත් කෘෂි නිෂ්පාදන නවීන තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කරයි. (බ)
දැන් ඉතින් අයිතිකාරයාටත් නැහැ හොරාටත් නැහැ. කන්නේ කවුද කියලා දන්නවානේ ? (බ)
මෙය ලංකාවේ දියුණු කළ අඹ විශේෂයක්, මේ වර්ගය හැදුවේ "ටොම් එල්ලාවල" නමැති කෘෂි විශේෂඥයෙක්. (බ)
මේ අඹ අල්ෆොන්සු ද (බ)