පුෂ්පකුමාර මල්ලවආරච්චි
ව්‍යාජ අංක තහඩු සවිි කරගෙන වේයන්ගොඩ මැදගම්පිටිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරු පැදි කරුවකු සහ බස් රථ රියදුරකු අදාල වාහන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය සහ හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් එදිනට නියමිත අවසාන අංකවලට ගැලපෙන පරිදි මෙසේ අංක තහඩු වෙනස් කර ඉන්දන පිරවුම් හලට පැමිණි අදාළ යතුරු පැදිය හා බස්රථය පොලිස් නිලධාරීන් පරීක්ෂා කළ අවස්ථාවේ ව්‍යාජ අංක තහඩු සවිකර ඇති බව අනාවරණය වී තිබිණි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත යතුරු පැදිය සහ බස්රථය අත්අඩංගුවට ගනු ලැබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා කාන්තා පුවත්පතක ප්‍රධාන කතුවරියක වන මාගේ සමීප මිතුරියක් තම පුවත්පතේ කතුවැකිය ලෙස ලියා තිබුණේ ත්‍රීවීලර් කරුවන්ගේ ඉන්ධන මාෆියාව ගැන.සත්‍ය වශයෙන්ම මේ රටේ ත්‍රීවීලර් වැඩිපුර නොදුවන්නේ,ඉන්ධන නැති නිසා නොවෙයි.ලැබෙන ටික විශාල මුදලකට විකුණන නිසයි.බොහෝ බස්කරුවනුත් එහෙමයි.මොවුන්ගේ මේ නොහොබිනා වැඩ නිසා හිරිහැරයට කරදරයට පත් වන්නේ රටේ මගී ජනතාවයි.