පන්නිපිටිය ධර්මපාල විදුහල අසල ඉදිකෙරෙන මගී ගුවන් පාලම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය අද (28) රාත්‍රී 10 සිට හෙට අලුයම දක්වා සීමා කෙරෙන බව රථවාහන පොලිසිය කියයි.
කොට්ටාව, පන්නිපිටිය ගුවන් පාලම අසල සිට කොට්ටාව දක්වා මෙසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හන්දිය ගාව හයිලෙවල් පාර උඩින් යැව්වනම් මීට වඩා සෙතක් වෙනවා.(බ)
ලීල්- ඔය කියපු කතාව අපේ යහපාලුවන්ට තේරෙන්නේ නැහැ , ඒ ගැන දන්නෙත් නැතුව ඇති. ගුවන් පාලම් ඉදි කරේ පසුගිය රජයෙන් "සිල්වා" ලංකාව ගැන මොකුත් නොදන්නා පාටයි. කැමතිනම් ලංකාවට ඇවිත් යන්න . කටුනායකින් බැහැලා අධිවේගී මාර්ගයේ කොට්ටාවට යන්න , කොට්ටාවෙන් අධිවේගී මාර්ගයේ මාතරට යන්න, වෙනස දකින්න. එතකොට ඔබට තේරෙයි. කව්ද ගුවන් පාලම් හැදුවේ කියලා. (බ)
ලීල්, ඔබතුමාගේ මොලේ අවුල්වෙලා කරුණාකර මානසික වෛද්‍ය වරයෙකු හමු වන්න (නදී)
පසුගිය රජයේ හිටපු ඇමති ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ එංගලන්තෙන් පවුම් මිලියන 150 ගත්ත ගුවන් පාලම් 75ක් හදන්න නමුත් හැදුවේ 4යි එකක් ඇමුනුවා දෙහිවල නුගේගොඩ කැලණිය හැදුවේ ඒ මුදල් වලින් නමුත් ඉතිරිමුදල් වලට මොකද උනේ ?පාලම් 71 මුදල් සාක්කුවේ දාගත්ත මහින්ද රජය සම්පුර්ණ වගකීම් ගන්න ඕනි ඒ මුදල්වට ඒ වගේම ජනතා මුදල් අපහරණය කිරීම පිළිබදව කිසිම පරීක්ෂණයක් තවම පවත්වා නැහැ මේ වැනි ණය ගෙවන්නේ අපේ බදු මුදල් වලින්. (බ)
"ගයාන් "ඔබේ අදහස හොදයි, නමුත් එම සංකල්පය ගල්ෆ් රටවලට ගැලපෙනවා,ශ්‍රිලංකාවේ- කොළොඹ වැනි වැසි බහුල ප්‍රදේශයකට යොදාගැනීමට අපහසුය. මොකද වැසි ජලය කළමනාකරණයට වෙනම විදිමත් ක්‍රම වේදයක් තිබිය යුතුයි. එසේ නොවන්නම් වැසි ජලය ගලාගෙන ඇවිත් මහා මාර්ගය( පාලම් අවට ප්‍රදේශය) සම්පුර්ණයෙන් වතුරෙන් පිරෙනු ඇත. (බ)
රටක මාර්ග පද්ධතිය දියුණු කළාම පාර කන්නද කියල අහන දේශපාලුවන්ට හා සාමාන්‍ය උදවියට දැනගන්න මේ ටික ලියන්නේ.....ඕනෑම රටක සිටිනවා වගේ අපේ රටෙත් ව්‍යාපාරිකයෝ ඉන්නවා...උදාහරණයකට කොළඹ කෙනෙක් ගමු.....අතීතයේදී එයාට මාතරට ගිහින් කොළඹ එන්න පැය 10 යක් යනවා....අද මාතරට ගිහින් එන්න යන්නේ පැය 3 යි....වෙලාව තියන නිසා එයා මාතර ව්‍යාපාර ආරම්භ කරලා රැකියා ඇතිකරලා මිනිසුන්න්ට කන්න දෙනවා.....පාර කන්න්නද කියල අහපු උන්ට මේ මනුස්සය පාර නිසා බත් කන්න දෙනවා....මේ ටික ජනතාවට තේරුම් නොකරන්නේ දේශපාලුවන්ගේ වාසියට.....2020 සේදී විසිපන්ලක්ෂයක් සංචාරකයෝ ලංකාවට එනකොට යාපනය , නුවර, ත්‍රිකුණාමලය අදිවේගී පාරවල වැඩ ඉවර කරන්න පුලුවන් වුණොත් මේ රට ලෝක ඉතිහාසයේ සංචාරක කේන්ද්‍රස්ථානය වෙනවා.......ජනතාව වෙනුවෙන් 1977 සිට ගත් සියලු ණය ගෙවන්න පටන් ගන්න පුළුවන් වෙනවා......2030 වෙනකොට රටේ ණයබර 50% කින් අඩුකරගන්න පුළුවන් වෙනවා.......කටුනායක, බියගම වගේ වෙළඳ කලාප වල ඉඩම් වෙන රටවල ව්‍යාපාරික ප්‍රජාවට 99 අවුරුදු බදු දීල තියනවා වගේ, හම්බන්තොට වරාය චීනයට දුන්නනම් එමුදලින්ම රටේ ණයබර 50% විතර අඩු කරගන්න තිබුණා. පොර්ට් සිටි හැදුවනම් කොළඹ පර්චස් එකක් රුපියල් කෝටි 40-50 යනවා.....ඊට සමානව වත්තල කඩවත,කඩුවෙල හෝමාගම, මොරටුව යන ප්‍රදේශවල ඉඩම් රුපියල් ලක්ෂ 50-60 යනවා......රටේ 2020 වෙනකොට රැකිය අර්බුදය නිමවෙනවා....ජනවාරි 8 වෙනිදා අපි නැති කරගත්තේ මේ වගේ ඔබ නොදත් වටිනා දේවල්...එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිශේද බලය තියන, අද ලෝකයේ විශාලතම මුදල් සංචිතය තියන, අනාගතයේ ලෝක බලවතා වන චීනයට පිටුපාල අපට ගොඩයන්න බැහැ. යහපලනේ මුදල් ඇමති නොයෙක් රටවලින් මුදල් ඉල්ලලා ලැබෙන්නේ නැතිකොට දැන් චීනයට ගිහින් ඉන්නේ මේ නිසාද කියල හිතෙනවා.... මේටික තේරුම් අරගෙන අදම නහින කුහක බලලෝබි දේශපාලකයෝ පාලිකාවෝ අගෝස්තුවේ එළවලා රට දැය ගැන හිතන අය තෝරාගන්න උගත් බුද්ධිමත් ජනතාව පෙලගැහෙන්න ඕන කලයි මේ.(බ)
ඕක ඉදි කළා කියල උදේට එහෙම විශේෂ සෙතක් වෙයි කියල හිතන්න අමාරුයි. මොරකැටිය හන්දිය නිසා සහ පාසල් වාහන නිසා තද බදය කොහොමත් තියෙනවා (නදී)
බංඩාර, ඕක මහින්ද ඉදි කළා නම් මෙලහකට සතුට දෝරේ ගලලා (නදී)
දෙයක් කියන්නම් මෙයට අදාල කෙනෙක් දකී නම් ... ලංකාවේ තමයි විශාල ගණනක් වියදම් කරලා උඩින් ගුවන් පාලම් හදන්නේ ලොකු වාහන වලට යන්න හුගක් උඩට හදන්න වෙනවා ...හුගක් උඩට හැදුවම මිනිස්සුන්ට හුගක් මහන්සි නිසා කලෙකදී මිනිස්සු මේවයේ යන්නේ නෑ .... හැබැයි පාර යටින් දැම්මම අඩි 8 ක් ඉස්සුවත් ඇති නගින්න බහින්න තියෙන්නෙත් පොඩි පඩි ගානක් ... අනික වැස්සට තෙමෙන්නේ නෑ ...(බ)
අද ලංකාදීපයට අනුව චීනය ආධාර කරන ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කරන්න කියල මෛත්‍රී මහත්තය කියල තියනවා... මෛත්‍රී මහත්තයට ඇත්ත තේරිල තියනවා...අද ලෝකයේ සල්ලි තියන රටවල් වලින් ඉදිරියෙන්ම තියෙන්නේ චීනය....බටහිරට ගැතිකම් කරන සමහර දේශපාලකයන්ට මේක තවම තේරෙන්නේ නැහැ...මේ අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු චීනය පකිස්ථානයට ඇ ඩො මි. 42 ආධාර දීලතියනවා.....ලොකුවට කැගහන ඇමරිකාව කියන රට චීනයෙන් අරගෙන තියන ණය මුදල ඇහුවොත් මේ කියවන පාඨකයෝ පුදුම වේවී..එය මුදලින් ඇ ඩො ට්‍රිලියන 1.37........චීනයේ ණය නැතිව ඇමෙරිකාවට අද අයවැය පියවගන්න බැහැ .....දැන් කාටත් තේරෙනවා ඇති මහින්න්ද මහත්තය ගිය මග හරි කියල....වුන දේ වුනා.....කෙසේ හෝ විය යුත්තේ රට සංවර්ධනය කරා ගෙන යාමයි (බ)
ලොකු දෙයක් මගී පාලමක් ධර්මපාල විද්‍යාලය ළඟ ඉදි කරන එක. පාසල් ළමුන් බොහොමයකට සෙතක් සැලසේවි. (බ)
මහල්වරාව හන්දියේ ඉඳලා පන්නිපිටිය දක්වා ගුවන් මාර්ගයක් ඉදි කළොත් නම් විශාල සෙතක් වෙයි. ධර්මපාලයට යන වාහන සහ මොරකැටියෙන් හැරෙන වාහන වලට බිමින් යන්නත් අනිකුත් වාහන ගුවන් මගෙන් යන්නත් පහසුකම් ඇති කළොත් වාහන තදබදය ටිකක් අඩුවෙයි. (බ)
කොළඹ නගරයේ වාහන තද බදය අඩු කරගන්න නම් (මගී ගුවන් පාලම නොවේ ), ගුවන් පාලම් 10 වත් ඉදිරි අවුරුදු 2-3 තුල ඉදිකළ යුතුය (බ)
මහින්දලා මේක කළා නම් අඩුම තරමේ වරුවක් විතර පාර වහල පෙරහැරකුත් ගිහිල්ල පාලමට කෙසේ වෙතත් විවෘත කිරීමේ උත්සවයට අඩුම තරමේ ලක්ෂ 50 වත් වියදම් කරාවී (බ)