යුද අපරාධ ගැන සෙවීමට පත් කරන බව කියන මිශ්‍ර අධිකරණ ක්‍රමය ගැන අධ්‍යයනය කිරීමට නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජල සම්පාදන ඇමැති රාහුෆ් හකීම් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ඇතුළු 13 දෙනකු ලබන ජනවාරියේ ස්කොට්ලන්තය බලා යෑමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.

එරට මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතීඥ කණ්ඩායමක් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව එම ආරංචි සඳහන් කරයි.