තවත් ශ්‍රී ලංකා සාම සාධක හමුදා කණ්ඩායමක් හයිටි බලා පිටත්ව යෑමට නියමිතව සිටින බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ජයනාත් ජයවීර මහතා පවසයි.
එම හමුදා කණ්ඩායම හයිටියේ සාමය ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන් ක්‍රියාවට නංවා ඇති වැඩසටහනට සහය වනු ඇත.
යුධ හමුදා නිළධාරීන් 54 දෙනෙක් හා හමුදා සාමාජිකයින් 708 දෙනෙකුත් නාවුක හමුදා නිළධාරීන් දෙදෙනෙක් හා නාවුක හමුදා සාමාජිකයි 42 නෙකුත් ගුවන් හමුදා නිළධාරීන් දෙදෙනෙක් හා ගුවන් හමුදා සාමාජිකයින් 42 දෙදෙනෙකුත් කණ්ඩායමේ සිටී.
විසිර යෑමේ පෙළපාලියෙන් පසු නොවැම්බර් මස 13 වැනිදා හා 18 වැනිදා ඔවුන් හයිටි බලා යනු ඇති බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියයි.
කණ්ඩායමට සාමාජිකයින් තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සේවා කාලය හා මත පදනම්ව බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
"ඊබෝලා " රෝගය පැතිරෙමින් පවතින මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැන දෙවරක් සිතාබැලිය යුතුය. දැනට අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණි ඇමෙරිකන් හමුදා නිලධාරියෙක් ගැන ,මෙම රෝගය සම්බන්ධව ගැටළුවක් පවතී. ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල් වගකීමෙන් කටයුතු කළයුතුය. (නි)