
(අංජුල මහික වීරරත්න)
6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව අනුව ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේත් විශේෂයෙන්ම ජනාධිපති අගමැති සහ මේ කැබිනට් ප්රකාශකගේත් උද්ධච්ච බව, කවුරු විරුද්ධ උනත් කරනවා වැනි වහසි බස් තුට්ටුවට දැමීමට කටයුතු කළ සියලු දෙනාට හයේ පංතියේ දරුවන්ගේ දෙමාපියන් ගෞරව කළ යුතුයි. දැන් තොණ්ඩුව දාන්න හදන්නේ නිලධාරින්ට විතර ද? ඇමැතිට වගකීමක් ඇත්තේම නැද්ද?
ක්‍රමවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකරන්න. දරුවන්ගේ අනාගතය යහපත් කරන්න.
වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න.
කල් දැම්ම එක හොදයි. වෙන ආන්ඩුවක් ඇවිල්ලා හොඳ දෙයක් කරයි. ජනපති දවස් දෙකකට කලින් වහසි බස් කිව්වා නේද කවුරු විරුද්ධ වුණත් කරනවා කියලා.
හරිනිට ළමයෙක් හම්බවුණාම එයට උගන්වලා හරිගියොත් අනිත් අයට කරන්න. අපේ ළමයි මීයෝ නෙමේ.