
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ලබන වසරේ සිට 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව මෙහිදී සඳහන් කෙරිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා කමිටු පහක් පත් කර ඇති බවත්, එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd