(නවරත්න සමරතුංග)
හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉල්ලා අස්වනතුරු තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු පැවසීය.
උපවාසයේ නිරතව සිටින්නේ සේනාරච්චිලාගේ දොන් ඩිලාන් තාරුක නමැත්තෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ අදහස නම් ඉතා කාලෝචිතයි.
බුදු දහමට තර්ජනයක් වූ විට එය රැකගැනීම බික්ෂුන් වහන්සේලාගේ ඓතිහාසික වගකීමකි...... මෙයාට ඒක කියා දෙන්න
හිමිවරු නැත්නම් අද ලංකාවත් නෑ. මංගලගේ ගෝලයෙක් වගේ...
අනේ බුදු මල්ලි මෝඩ වැඩ කරන්න එපා ඔයාට කරදරයක් උනොත් ඔයාගෙ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ටයි පාඩුව. ඔය උපවාසය කරන්න කලින් හංගල විටමින් ටිකක් දා ගත්තු වතුර ටිකක්වත් තියාගන්න අනික් අයත් එහෙමයි.
අපි ඔබ සමගයි. හාමුදුරුවරුගේ කාර්යය විය යුත්තේ බුදුන් වදාල ධර්මය දේශනා කිරීමයි.
මේ ජුලම්පිටියේ අමරේ ගේ නෑ කෙනෙක් වත්ද ?
ධර්මය ගුරු තැන නොතබා, තක්කඩියන්, මිනීමරුවන්, හොරුන්, සල්ලාලයන් කරේ තබාගෙන, බලයට පත් කර උන්ගෙන් වරදාන ලබා ගැනීම නුසුදුසුය. ඔබ ගේ සත් ක්‍රියාවට ජය පතමි.
රාජිත සේනාරත්නගේ නෑ කෙනෙක්ද ?
නියම ආගමට අදෙරේ අයෙක්. නියමයි.
නිකං මැරෙන්න හදන්නෙ
ඔන්න පුතේ කරනවානම් රාජකීය වැඩේ.
බුදු දහම මෙලෙස රැකගත හැකිද? විහිළුවක්.
බුදුවරු , දෙවිවරු .. දේශපාලනයෙන් නිදහස් කල යුතුයි ..! සියලු ආගම්වල පුජකයින්ට සහ සියලු වෙහෙර .. විහාරස්තානවල , පන්සල්, පල්ලි , කෝවිල්වල හා සියලු පුජනීයස්තානවල ... දේශපාලනය තහනම් තේමාවක් විය යුතුයි ...
දැන් ලනකවේ මිනිසුන්න්ට මහා පක්ෂ දෙකම එපාවී ඇත , හාමුදුරුවරු සහ කිතුනු පුජකවරු කියන දේවල් වලට මිනිස්සු ඇහුම්කන් දෙන බව පේනවා ,මල්ලි ඔයාගේ ඔය උපවාසේ බලන්න එක මැස්සෙක් වත් නැත , අඩුම තරමේ ඔය වගේ දෙයක් කරනකොට මංගල , රාජිත හෝ හිස්බුල්ලාට කියල පටන්ගත්ත නම් කුලියට හරි මිනිස්සු ටිකක එවාවි , දැන් ප්‍රමාද වැඩිය , නිකන් පච වෙන්නේ නැතුව ගෙදර යන්න
මේක , උපවාසයක් නෙමෙයි !!! මේක ... පුජනීය ස්ථානයන් පිරිසිදු කර ගැනීමක් ... සියලු ආගම්වල පුජකයන්ගේ සහ භක්තිකයන්ගේ උදව් උපකාර .. සහයෝගය ... අනිවාරයෙන්ම ලැබිය යුතුයි .
ලංකාවට මෙම අභාග්‍ය තත්වයට මුහුණදීමට සිදුවී ඇත්තේ දේශපාලකයන් නිසාම නොවේ.
225 සැපසේ ඉන්නවා
ඔන්න තවත් කෙනෙක් ෆෝම් වෙලා... උපවාසයෙන් නොමැරී බේරුනොත් ඊළඟ ඡන්දෙදි එකේදි කොහෙන් හරි ඉල්ලාවි
එතකොට වාරියපොළ ශ්‍රී සුමංගල, කඩහපොල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි හිමිවරු ගැන මොකද කියන්නේ. ඒ ගොල්ලන්වත් මෙතන කමෙන්ට් දාන සමහරුන්ට අරහන්ද?
රතන හිමි උපවාසකලේ පාර්ලිමේන්තුවේ තුන්දෙනෙක් ගෙදර යවන්න, දැන් මොහු උපවාස කරන්නේ රතන හිමි ගෙදර යවන්න.
ඔබ සියයට සියයක් හරි.... භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.....
මංගල වගේ රටේ ඉතිහාසේ දන්නේ නැති මිනිස්සු තමයි හාමුදුරුවරු දේශපාලනේ කරන්න හොඳ නෑ කියන්නේ. දේශපාලනේ කරනවා නෙවේ ඇත්තටම දේශපාලකයන්ට අවවාද දීම තමයි කරන්නේ. සොබිත හාමුදුරුවෝ දේශපාලනයට මැදිහත් වෙනකොට එකට හොඳයි කියපු අයම තමයි දැන් හාමුදුරුවන්ට එක හොඳ නැහැ කියන්නේ. මෙයා අනිවාර්යෙන්ම මංගලගේ ගෝලයෙක්. වැඩිය ගණන් ගන්න දෙයක් නැහැ.
ආගමයි දේශපාලනයයි එකට එකතු කරපුවහම අපිට ලැබෙන උත්තරය නම් ත්රස්තවාදයයි !!!
දේශය පාලනය කරන්න. ඒත් ඔය පක්ෂ දේශපාලනයට යන්න එපා කියන එකයි නිවැරදි. මේ දේශය වෙනුවෙන් සියලු ආගමික නියමුවන් පෙරට ආ යුතුමයි.
ආගමේ මූලික කාර්යයභාරය වන්නේ සමාජය සදාචාර සම්පන්න කොට පවත්වා ගැනීමට මග කීමයි.