සමස්ත ලංකා ත්‍රෛනිකායික භික්ෂු මහා සංගමයේ සංඝරත්නය 50 නමක් පමණ කළුතර බෝධිය ඉදිරිපිට මහ පාරේ වාඩිවී පිරිත් කියමින් යෝජිත භික්ෂු කතිකාවතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ නිසා පාරේ එක් තීරුවක් පමණක් වාහන ගමන් කරයි.
මාර්ග තදබදයක්ද හටගෙන ඇත.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ නිවේදනය කළේ මෙම භික්ෂු කතිකාවතට මහා සංඝරත්නය සහාය දැක්විය යුතු බවයි. අඩු පාඩු ඇත්නම් ඒවා සංශෝධනය කළ යුතු බවද මහ නාහිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ආගම් හිමිවරු ඔවුන්ගේ ධර්මය මෙතරම් පහත් කොට භාවිතා කරන්නේ නැහැ. අපේ තමයි හැම දේටම මේවාගේ කෝලම්.(ම)
මම නම් මොනවත් කියන් නැහැ,මම මොනවා හරි කිවොත් කියයි ජාතිවාදී කියල. (බ)
බුදු සමයේ හෝ ඊට පස්සේ මේ වගේ පාර දිගේ සමයං තිබිල නැහැ. දහමේ ගරැත්වය සහ ශාන්ත බව වැනසී අවසන්. අනිවාර්යෙයන්ම මේ අැත්තන්ට පන්සලේ කටයුතු හරියාකාරව කරන හැටි කියා දිය යුතුයි. පාර දිගේ සවුත්තු වීම වහාම නැවත්විය යුතුයි. කතිකාවත වහාම ගෙන අා යුතුයි. (බ)
බුදුන් වහන්සේ භික්ෂූනට වදාළේ නිවනට යන මගද ? නැතිනම් මහමග තප්පුලන්නද ? (බ)
අණපනත් වලින් කළ නොහැකි දෙයක් ඇත (ම)
මහා මාර්ගය දිනපතා තමුන්ගේ ජීවිකාව කරගන්න දඟලන ජනතාවට අහුරලා කියන පිරිතෙන් පලක් වේවිද? (ම)
මෙවැනි දෙයින් වෙන්නේ බෞද්ධ දහමට නිගාවක් (ම)
ජනක ,ඔබ නියම බුද්ධිමතෙක් .(ම)
දැන් මෙතනම පෙනෙනවා නේද විනය පිරිහීම.වාසනාවට අපේ ජනතාව බුද්ධිමත් (ම)
බුදු දහමට අපකීර්තිය ගෙනදෙන වැඩ කරන්න එපා හාමුදුරුවරුනේ. (ම)
පිරිත් කීමෙන් ඕනේම අතුරු අනතරාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් බවට හොද උදාහරණයක් මේ. වෙන අය පාරේ වැඩි වුණා නම් එල්ල වෙන අධිවේගී ජල ප්‍රහාර එල්ල නොවුණේ ඒ නිසා වෙන්න ඇති. එත් ඉතින් ධර්මය තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගන්න (ම)
ජනජීවිතයට බලනොපාන අයුරින් කරන දෙයක් කළොත් නේද හොඳ ?(ම)
පිරිත් කොතන කොයි ආකාරයකට කීවත් එයින් යහපතක්ම පමණක් සිදුවේ. සංඝයා වහන්සේලාට නීති පැනවිය හැක්කේ බුදුන් වහන්සේට පමණයි. ගිහියන් සංඝයාට නීති පැනවීමට යාම විහිළුවක් මෙන්ම පාපකර්මයකි. (ම)
භික්ෂු කතිකාවත ගේන්න බොහොම ප්‍රමාද වුණා වැඩියි . (ම)
ඇයි මේ ප්රශ්නය සුහදව නිරාකරණය කරගන්න බැරි? (නි)
මගේ පෞද්ගලික මතය නම් උතුම් පිරිත් දේශනා කළ යුත්තේ නියම සුදුසු ස්ථානවල බවයි. මහා මාර්ගය එවැනි තැනක්ද ? සංඝික දානයක් පූජා කිරීමට කවුරුන් හෝ තීරණය කලොත් හාමුදුරුවරු මහ පාරේ වාඩිවී දානය වලදාවිද ???? (ම)
එහෙනම් මීටපස්සේ පිරිත් මණ්ඩප හදන්න මහන්සි වෙන්න ඕනෑ නැහැනේ. ඇයි මේ වගේ අරමුණු වෙනුවෙන් උතුම් පිරිත අවභාවිතා කරන්නේ? (නි)
ඩ්‍රයිවින් කරන්න ඕනි කියල ඉල්ලනවද? ඕව පිටිපස්සේ ඉන්නේ කව්ද කියල අපි දන්නවා. ඒ ගොල්ලෝ කටින් බුදුරැස් විහිදෙව්වට බොක්කේ තියෙන්නේ මොනවද කියල බලාගන්න පුළුවන්. (බ)
එහෙනම් මේ ආණ්ඩුවත් සංඝ භේදයක් ඇතිකළාද. අතපසුවීමක් කියලා කියන්නකෝ. (බ)
මමත් නිල්මිණි සමග එකගයි (ම)
සිවිල් වැසියන්ට කරදර නොකර මෙම කතිකාවතට සහයෝගය දෙන මහානායක හිමිවරුන්ගේ පන්සල් ඉදිරිපිට මේ උද්ඝෝෂණය, පිරිත් සජ්ජායනා කිරීම් කළොත් හොඳයි (ම)