එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සුහද හමුවක් බ්‍රහස්පතින්දා රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ දී පැවැත්විණි.
ඊට මන්ත්‍රීවරු 87 දෙනෙක් සහභාගී විය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද එහි ආවේය.
එය සුහද හමුවක් නිසා දේශපාලනය ගැන කතා නොකළ යුතු යැයි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය. ටික වේලාවකින් පිරිස ඇමැතීමට හිටපු ජනපතිට ආරාධනා ලැබිණි.
තහනම් වචනය ‘දේශපාලනය‘ කළ නිසා හිටපු ජනපති දැඩි අපහසුතාවට පත් විය. ‘මං ඉතින් මොනවා කතා කරන්නද දේශපාලනය නැතුව?‘ යැයි රාජපක්ෂ මහතා සිනාසෙමින් කීවේය.
‘නෑ නෑ සර්ට ඒක අදාල වෙන්නේ නෑ. සර් ඕන දෙයක් ගැන කතා කරන්න.‘ යි මහින්දානන්ද පැවසීය.
ඒ සමඟම කතාව අරම්භ කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ බණ්ඩාරනායක මහතා එජාපයෙන් විත් ශ්‍රීලනිපය හැදුවේ නැවත එජාප තුරුළේ නැළවෙන්නට නොවන බවත්, ශ්‍රීලනිපය නොකඩන බවත්ය..
‘මං එහෙනම් හමුවෙන්න ඕන අය හමුවෙලා එන්නම්කෝ.‘ යැයි කියමින් රාජපක්ෂ මහතා මහ ඇමැති නිවසින් පිටව ගොස් පැයකින් පමණ සිනා මුසු මුහුණින් නැවත ආවේය. හිටපු ජනපති එන ආකාරය දුටු බොහෝ දෙනා කීවේ ‘ගියපු වැඩේ සාර්ථකයි වගේ කියාය.‘
හිටපු ජනපති ගියේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවීමට බව බොහෝ දෙනෙක් දැන සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පිටබැද්දර ජයෝ චන්දයක් ඇවිත් තියනවා. චන්දදායකයෝද මෝඩයෝ නැත්නම් ඔහේද කියල බලාගන්න හොදම කාලය. හැබැයි චන්ද ප්‍රතිපල වලින් ඔහේ කවුද කියල තේරුනාමවත් එක පිළිගෙන හැදෙන්න හොද වෙලාව.(නදී)
මෙයා පක්ෂයට ආයේ ගෑවුනොත් ඔක්කොටම බින්දුව තමයි. දේශපාලනයට එනකොට පාපැදියක් තිබුනේ නැත්තෝ දැන් යන්නේ බෙන්ස් වල. (නි)
යහපාලනයට ඡන්දය දුන්නා. ඒ කළ මෝඩ වැඩේ නැවතත් නොකරමි. (නි)
අවුරුදු 10 ක් හදා ගන්න බැරි වූ දේ දැන්ද හදන්න යන්නේ . මේවා හදන්න හැකි දේවල් නොවේ. ජාන වලින්ම ආ ගති පැවතුම්. ඇත්තටම රට බේරා ගත් ,සැබෑ විරුවා වන සරත් ෆොන්සේකා මහතා ඉතාම නිහතමානිව පුරාජේරු නොකියමින් සිටින විට, මෙයා සහ මෙයාගේ හොර රැල හිස් පම්පෝරි කියවනවා. අවංක දේශපාලනයක නියැලෙන ජනාධිපති මෛත්‍රීපාල මහතාට සියලු දෙනා සහය වෙන එක තමා අද දවසේ ජනතා වගකීම (නදී)
ශාන්ත තවම පොඩි එකා. දේශපාලනය ගැන දැනුමක් නැහැ (නදී)
ශාන් සෞදි, ජනාධිපතිවරණයට මාස ගණනාවකට උඩදී අන්තර්ජාලයෙන් තොග ගණනේ බෙදා හැරපු දිරච්ච ලණු ගිලපු ගමන් නේද ඔයා තවමත් ඉන්නේ? දැන් ඉතින් මාස හයකුත් වෙන්න එනවනේ නරකද විරේක බේතක් වත් බිව්වනම්? මෙහේ කට්ටිය නම් තවත් ඔය යමපාලන මුසාවාද වලට රැවටෙන්නේ නැහැ. (නදී)
මේ ලොකු උන්නැහේ රට වටේ දුවන්නේ මොකටද කියල මුළු ලෝකෙම දන්නවා. තමාගේ පවුලේ සාමාජිකයෝ කරපු වැරදිවලට දඬුවම් ලැබෙන්න කලින් එයා හදන්නේ ආයෙත් බලය අල්ලාගෙන ඒ දේවල් වහල දමන්න. ඒකට නම් මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ ලොක්කා. ගිය අවුරුදු 10 ඇතුලත කරපු දුෂණ මුළු රටම දකිනවා දැන්. ඒවා වහන්න හදන්නේ එකල පාර්ලිමේතුවේ හිටපු ලොකුම දුෂකයෝ රැල තමා. ඉතින් අපි මොකටද දුෂකයෝ රකින්න අයෙත් චන්දෙ දෙන්නේ ? අපි අපේ දරුවන්ගේ අනාගතය ගැන වග කියන කෙනෙක් පාලකයා විදිහට ඕනේ ඉතින් අපි හරි කෙනාව ජනවාරි 8 පත් කළා. ආයෙත් අපිට වෙනසක් එපා. මේ යන විධිහ හොඳටම හොඳා. (නදී)
ඇයි මහින්ද එනවට මෙච්චර බය? බෝම්බ බිය නැති කරලා රට බේරා ගත් වීරයා එයා බව රටේ බහුතරය සලකන නිසා ලබන ඡන්දෙට ඉල්ලුවොත් එයාගේ පිල අනිවාර්යයෙන්ම දිනන නිසා. (නදී)
මෙතන ඉන්න යු.එන්.පී අය නම් සැහෙන්න බයවෙලා වගේ. මඩ ගහන අය කොච්චර මහින්දට බැන්නත්, මේ පාර අපිව අන්දන්න බැහැ.. මහින්දට දිනන්න කාගෙවත් උදව් ඕනේ නැහැ. ජනතාවට ආදරේ මිනිහට ජනතාව ආදරෙයි. (නදී)
පිටරට ගිය අයට ලංකා දේශපාලනය පිළිබඳ පුදුම අමාරුවක්නේ තියෙන්නේ. ලංකාව දියුණු වෙනවට අවංකවම මොවුන් කැමති නැහැ. (නි)
ජනවාරි 08 වෙනිදා වෙනසක් කරන්න ගිහිල්ලා කාපු ටික මදිද මේ ටික දවසට.රට දිනන්න නම් මහින්ද දිනවමු.නැවත වැරද්දා ගන්න එපා. (අ)
"හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්...." (නි)
ප්‍රසීන් මම අගය කරනවා ඔබේ අදහස. මේක තමයි ජනවාරි 8 දා සිදුවුණ පෙරළියේ යතාර්ථය. තවමත් සන්ධානයේ ලොකු ඇමතිකම් කරපු අයට මේක මතක නැති එකයි පුදුමේ. ඊළඟ දේශපාලන නායකත්වය ශ්‍රීලනිප යේ ඇතිවෙන එක කුමනහෝ අහේතුවකට නැතිවී ඇති අතර දැනට මාධ්‍ය සන්දර්ෂණ පවත්වන කට්ටියත් මේ මැතිවරණයත් සමග අතුගෑවිලා යාවි. මේකෙන් අදහස් කරන්නේ යුඑන්පී අායෙත් එනවා කියන එක නෙවි. ඇතිවෙලා තියෙන සමාජ යථාර්ථයයි. (අ)
මමනම් හිතන්නේ නව අගමැති වීමට සුදුසුම පුද්ගලයා මහින්ද මහත්තය , මහින්ද මහත්තය ඡන්දෙ ඉල්ලන්නේ නැත්නම් අනිත් සුදුසුම පුද්ගලයා රනිල් මහත්තය (අ)
ඇයි හොරකම් කල සහ කරන හැටි කතා කරන්ඩ පුළුවන්නේ.(නදී)
ඔව් බණ්ඩා....අලිබබා හොරුත් එක්ක ඇවිල්ලා කර තිබෙන හොරකම් හා ඒවාට විරුද්දව කෙරීගෙන යන පරීක්ෂණ හමස් පෙට්ටියට දමන්නයි බලන්නේ (නදී)
ටිකිරි ටිකිරි ටිකිරි ලියා යහපාලනේට කඩේ ගිය. (අ)
සහෝදර සමගාම නිසා මම අද වාඩිවෙලා නිදහසේ ඉන්නවා නොහිටින්න මමත් සමග ඔය කෑ මොරදෙන බොහෝ දෙනෙක් හිටගෙන ප්‍රභා පිටි පස්සට බෝම්බ තියපු නිසා (අ)
මොකද ටිකිරි බණ්ඩා හැම පුවතකටම එකම දේ ලියල ඔයාගේ මොලේ කොලොප්පන් වෙලාද කොහොම වුණත් පිදිය යුත්තන් පිදිය යුතුයි ඉතිහාස ගත වුණ නමකට තායි ඔයා අපහස කරන්නේ (අ)
තැන තැන කල්ලි හදනවා කියලා අඬ ගහලා බැනලා හොඳටම මාමිට, හැම එකටම ඔලුව වනලා බනින දේවල් අහගන ඉඳලා ආපහු ගිහිල්ලා; පව් මේ වයසක හාදයා (ම)
එතුමා හරිම මිත්‍රශීලියි (නි)
බයියනේ සතුටුවෙයල්ලා උඹලටත් ඕනෙ රාජපක්ෂ පවුල සැප ගන්නවා බලන්නනේ.. ඔන්න එතුමා ජනාධිපති නොවී ජනාදිපති කෙනෙක්ටත් වඩා සැපට ඉන්නවා. තව ඕනෙනන් ඉතින් එතුමා ඔය පාවිච්චි කරන වාහන වල ෆොටෝ දෙක තුනක් ගෙදර බිත්තියේ එල්ලලා පුද පූජා කරපල්ලා. රජතුමාගේ වාහනනේ.. අනික උඹලා අපි කවදා ඕවා ගන්නද? (නදී)
ඇත්තටම මොකද්ද මේ නටන නාඩගම ? මේ රටට ජනතාවට උවමනා දෙයක්ද කරන්නේ ? ඡන්දෙන් පැරදිලා මාස 6 ක් ගියේ නැහැ අායෙත් බලයට එන්නයි වෙර දරන්නේ. දිනපු අයටත් රට පාලනය කරන්න ඉඩ දෙන්නකෝ. (බ)
දිනුවේ අපි ඡන්දෙ දීපු නිසා ඒ වැරැද්ද නම් නැවත කරන්නේ නැහැ .මහින්දගේ අඩුපාඩු ටික හැදෙන්න ඕනේ.එතකොට අපි ඊළඟ අගමැති කරනවා අනිවර්යයෙන්ම.(ම) .
ජිනියස් ඔයා හරියටම හරි. ලංකාව කොටින්ගෙන් නිදහස් කරපු මනුස්සය කාටත්. අමතකනේ. (බ)
ජනතා ආදරය නොඅඩුව තියෙද්දී තමන්ගේ ආණ්ඩුවේ දුෂණ වංචා වෙනකොට අහක බලාගෙන හිටියේ ඇයි මහත්තයෝ? එතනයි ඔබතුමාට වැරදුනේ. ආයෙත් තමන්ගේ තත්වය හදාගන්න සෑහෙන කලක් ගතවේවි. (නි)
අලි බබා හොරු ටිකත් එකතු කරගෙන එන්න වගේ හදන්නේ .... (නදී)
පළමුව හමු වෙන්න ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව වෙන්න ඇති. ඒකනේ පසුගිය දිනවල කිව්වේ රනිල් මඩ දේශපාලකයෙක් නොවන බව. ඒ.ජා.පක්ෂයේ ජය කව්රු අතේද? (නදී)
ඡන්ද දායකයෝ මෝඩයෝ නෙවෙයි ඔන්න කිව්වා ! (ම)
ශ්‍රී ලංකා එකේ වාචාල කල්ලිය පරදින එක 100% ෂුවර්. (නදී)
ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රටක් කිරීම සහ උසස් මිනිසුන් බිහිකිරීම මගෙත් ඔබෙත් එකම බලාපොරොත්තුවයි. (නි)
මෙයාගේ පර්ම්පරාවයි එයා වටේ සිටිය අයයි පසුගිය කාලෙ කරපු හොර දූෂන වංචා මගඩි මිනිමැරුම් වලින් බේරෙන්ඩ නම් එවා සියල්ල යටගසන්ඩ බලය කෙසේ හෝ අත්කර ගතයුතුයි. නැත්නම් ඔවුනට එවා එලිවිම වලක්වා ගත නොහැකි බව ඔවන් දන්නවා. ඒ නිසා තමයි මෛත්‍රී හෝ නිමල් සිරිපාල හෝ වෙනත් සුදුසු නායකයකු යටතේ සිටින්නට අකමැති. තමන්ව හොර වංචා දුෂන වලින් පෝෂණය කල නායකයා වටේම රොක් වෙන්නේ (නදී)
බණ්ඩාරනායක මහතා එජාපයෙන් විත් ශ්‍රීලනිපය හැදුවේ. එදා එ්ක කලේ රටේ ජනතාවට සේවය කරන්න මිස කාගෙවත් පවුල් ගොඩ දාන්න පවුල් රජ කරවන්න නෙවේ. එදා එතුමා තමන්ගේ ධනය ජනතාවට බෙදා දුන්න. අද මෙයාල ජනතාවගේ ධනය විතරක් නෙවේ ජීවිතත් බිලි ගන්නවා. මෙයාලට රෙද්දක් ඇඳගෙන බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න බෑ. මෙයාල කල දේවල් මුළු රටම දන්නවා. තවත් ජනතා දේ සොරා නොකා දැන්වත් පාඩුවේ අවසාන කාලය ගෙවන්න. මතු අාත්මවලදී ජනතාවට කඹුරන්න වැඩ නොකර. (ස)
ඔහොම යන් (නදී)
වැටත් ,නියරත් ගොයම් කා නම් කාට කියම්ද .?(නදී)