දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් හිටපු පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට එරෙහිව වසර පහකට පසු පැවරූ අල්ලස් නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද තීන්දු කළේය.
2009 මැයි 25 වැනි දා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක ද, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර රුපියල් දස දහසක ද අල්ලසක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිද්ධියෙන් වසර පහකට පසු නඩු පැවරීය.
පැමිණිලිකරුවන් විදේශ ගතවී ඇති හෙයින් අධිකරණයට පැමිණ නොසිටි අතර නඩුව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්කි නැතැයි තීරණය කළ විනිසුරු කොස්තාපල් සුමින් ද සහ උප පොලිස් පරීක්ෂණ බණ්ඩාර නිදහස් කළේය.
අධිවේගී මාර්ගයේ සිද්ධියෙන් පසු සුමින්ද සමන්ට පහර දී වාහනය ද ගිනි බත් කැරිණි.
ඔහු තම වාහනය ගිනි තබා ගත් බව කීමට පොලිසිය උත්සාහ කළේය. පොලිස් පරීක්ෂණ ද අතර මඟ නතර විය. සුමින්ද ද පොලිසියෙන් ඉල්ලා අස් විය.
කොස්තාපල්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ද්වේෂ සහගත ලෙස යැයි තීන්දුව තෙමින් කී ලලිත් ජයසූරිය මහතා ඔහු සියලු චෝදනා වලින් නිදහස් කළේය.
කසිප්පු තිත්පොළකින් අඩු කසිප්පු ප්‍රමාණයක් නඩුවට ඉදිරිපත් කිරිමට අල්ලස් දුන්නැයි කියන සමන්ති සුරේකා නම් සාක්කිකාරිය විදේශ ගත වී ඇති බව අල්ලස් කොමිසම උසාවියට දැන්වීය.
හේමාල් ගුණසේකර හිටපු නියෝජ්‍ය ඇමැතිට එරෙහිව දක්ෂීණ අධිවේගී මාර්ගයේ දඩ කොළයක් දීමෙන් පසුව ද්වේශ සහගත ලෙස මේ නඩුව පවරා ඇති බව පෙනේයැයි විත්තියේ නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය නැවත මතක් කර දීම ගැන ස්තුතිවන්ත වෙනවා. (ම)
හරි කවුද වැරදි කවුද දන්නේ නෑ (දිල්)
විනිසුරුතමා අකුරට වැඩ වාගේ (දිල්)
ලංකාවේ ඔහොම තමයි මං දන් නැහැ ඇයි!!(දිල්)
දැන් සොයා ගන්න ඕන මෙහෙම බරපතල වැරදි චෝදනාවක් සැලසුම් කළ මහ එක්කෙනා කවුද කියලා. අනුන්ට මඩ ගහන ලෙඩ අදින අයට එහෙම නිකම් බේරිලා යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (දිල්)
දේශපාලකයෙක් එක්ක නඩුහබ වලට පැටලේනවයි කියන්නේ දියේ ගිලෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා වගේ වැඩක් තමයි. (ර)
දඩ කොළයට මොකද වුණේ? (නි)